101

79 8 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
101

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"නූ?" රදීෂ් දෙනෙත් විවර කළෙ අසීරුවෙනි. අන් කවරදාකටත් වඩා ගතට මෙන්ම සිතට ද අප්‍රාණික ගතියක් දැනෙද්දී ඔහුට අවැසි වූයේ ඇයව දකින්නටයි. සියල්ලටම වඩා රිදුම් දෙන හිසත් අල්ලාගත් ඔහු වටපිට බැලුවේ තමන් සිටින්නේ කොහෙදැයි දැනගැනීමටයි.

තම කුටියෙහි සුපුරුදු සයනයෙහි තමන් වැතිරී සිටින බව වටහාගත් රදීෂ්, හිස දෑතට ගැසුවේ හිසෙහි වේදනාව දරාගත නොහැකි වද්දීයි. අපහසුවෙන් සයනයෙන් නැගිටගත් රදීෂ් තමා හැඳ සිටී ඇඳුම් දෙස බැලුවේ, තමා එම ඇඳුම් ඇඳගත්තේ කොයි මොහොතේදැයි ඔහුගේ මතකයේ ලියවී නොතිබුණු නිසයි. පෙරදින රාත්‍රිය පිළිබඳව මතක අංශු මාත්‍රයක්වත් නොවද්දී රදීෂ් කෙමෙන් කෙමෙන් වැනෙමින් මෙන් අඩි තැබුවේ කුටියෙන් පිටත විසිත්ත කාමරය වෙතටයි.

එදෙස බැලූ පමණින් මෙතරම් වේලාවක් ඔහුගේ වතෙහි පැවති සියලු අමාරුකම් සේදී ගිය සෙයකි. ඇය සෝෆාවේ නිදාගෙන සිටින ආකාරය දුටු ඔහුගේ දෙතොල් මත උපන්නේ ආදරණීය සිනාවකි. නමුත් හිසේ කැක්කුම ද එසේමය.

ඔහු සෙමින් සෙමින් ඈ අසලට ගියේ හොර අඩි තබමිනි.

බොහෝ වෙහෙසකර වතින් ඈ නිදාසිටී අයුරු දකිද්දී ඇහැරවීමට ලෝබ සිතුනත්, ඒ දෙතොල් මතට හාදුවක් නොදී ඉන්නට නම් ඔහුගේ සිත පාලනය කරගත නොහැකි වූවා. එනිසයි නුරායාගේ බාගෙට පියවී තිබූ දෙතොලතර තම දෙතොල්හි අණසක ඔහු පැතිරෙව්වේ. නමුත් එක්වරම සිදුවූයේ නින්දෙහි පසුවූ නුරායා බියෙන් ත්‍රස්තව පිබිදීමයි. ඈ රදීෂ්ව තම ගතින් ඉවතට තල්ලු කළේ භීතියෙනි.

"නූ.... නූ... මොකද මේ? මම.. ඔයා බය හිතෙන හීනයක්වත් දැක්කද?" ඔහු විමසුවේ අන් දිනවලදී නම් නින්දෙන්ම වුවත් තම හාදුවලට ප්‍රතිචාර දක්වන ඇය, අද එක්වරම අසාමාන්‍ය අයුරින් හැසිරීම නිසයි.

"ර.. ර..දී...ෂ්...?" ඇයගේ කටහඩ බිඳී ගොස් තිබුණි.

"නැතුව ලමයෝ... රදීෂ් නැතුව මොකද මම හොල්මනක් වැ යි?" ඔහු සිනාසෙමින්ම ඇයගේ ඇවිස්සී තිබුණු හිසකෙස් පිරිමැද්දා. නමුත් ඔහුගේ ළංවීම ඇයව භීතියට පත් කර තිබුණා.

"ඒ..ත්... ඒත්.. ඔයා.. ඔයා.. ඊයේ.. රෑ..." නුරායා බියෙන් සුසුම් ඉහල අදිමින් මුමුණන්නට වුයේ දෙනෙත්වලට කඳුළු පිරෙද්දීයි.

"අනේ නූ... ඇයි මේ අඬන්නේ? ඊයේ රෑ මම මොනාහරි කළාද? මට නම්.. එහෙම දෙයක් මතක නැහැ... මට.. මගේ ඔළුව ගොඩක් රිදෙනවා ඇත්තටම දරාගන්න බැරිතරම්.. ඒත් ඔයා ළඟ ඉද්දී නම් ඒක දැනෙන්නෙවත් නෑ..." අවසන් වදන් පෙළ ඔහු මිමිණුවේ ඇයගේ දෙතොල්වලට බරවයි. නුරායා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ගල් පිළිමයක් සේ සිටියේ අන් කළ හැක්කක් නොවද්දීයි.

ඔහුගේ දෙතොල් හී උණුසුම ඇයටත් විඳීමට අවැසි වුවත්, පෙර දින රාත්‍රිය මතක් වද්දී නම් ගතම හිරි වැටී ගියේ ඇයටත් නොදැනීයි. ඇයගේ දෙතොල් මතින් නොනැවතුණු රදීෂ්ගේ දෙතොල් නුරායාගේ කොපුල් සිපගෙන හෙමින් සීරුවේ ඇයගේ ගෙල කරා ගියේ, පෙර දින රාත්‍රියේ නදීෂ් රිදවූ රිදුමන් සුව කරන්නට මෙනි.

ඔහුගේ දෙතොල් ඇයගේ ගෙල මත දඟ කරද්දීම නුරායාට කෙඳිරි ගෑවුණේ නදීෂ්ගේ අයෝමය දෑත්වලට පෙර දින සිර වූ තම ගෙලෙන් දැනුනු වේදනාව නිසාවෙනි. නුරායාගේ දෙනෙත් අග්ගිස්සෙන් කඳුළු වෑහෙද්දී ඇය රදීෂ්ට ඉඩ දීගෙනම සිටියේ මන්දැයි ඈයත් නොදත්තා.

"අනේ ඇයි නූ මේ..? මං ඔයාට රිද්දුවද?" සැනෙකින් ඒ කඳුලැලිවල උණුසුම වටහාගත් රදීෂ් නුරායාගෙන් ඉවත් වුවත් සිදුවූ කිසිවක් ඔහුට කියනවාද? නැද්ද? යන පටලැවිල්ලකයි ඈ සිටියේ.

"මගේ... මේ.." සිතිවිල්ලේම ඈ අකුරින් අකුර එලියට දැම්මේ පෙරදින රාත්‍රියේ අමිහිරි මතක ඔහු ඉදිරියේ දිගහැරීම කෙතරම් දුරට කිනම් ප්‍රතිඵල අත් කරලයි දැයි නොදන්නා බැවිනි.

"මේ.. බෙල්ලත් එක්ක රතුවෙලා හොඳටම.. මොකද මේ? ඔයා මොනාහරි ඇලජි වෙන දෙයක් කෑවාවත් ද නූ? නැත්නම් මේ... තද වුණාද ඇඳුමකට හරි? නැත්නම් ජුවලරි එකකට හරි?" ඔහු විමසුවේ ඇයගේ ගෙලෙහි සීරුවට අතැඟිලි ගෙන යමිනි.

එසේනම් සැබැවින්ම රදීෂ් හට පෙර දින රැය අමතකය. නදීෂ් යනු සැබැවින්ම අන් කවරෙකුය. නුරායා මොහොතක් ඔහු දෙස බලා සිටියේ විසල් කරගත් දෙනෙතිනි.

මුව ගොළුව ඇත. පැවසිය යුත්තක් සිතාගත නොහැකිය. මොහු අතිශයින්ම ආදරණීය වද්දී ඔහු අතිශයින්ම රුදුරු රාක්ෂයෙකි.

සුර කුමරෙකු සහ රුදුරු රාක්ෂයෙකු අතර සිර වූ නුරායා හට ඉදිරියේ දී කුමක් සිදු වෙයි ද?

🖤⚡🌙⚡♥️

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Wo Geschichten leben. Entdecke jetzt