142

39 6 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
142

**** https://www.facebook.com/share/v/G9LnccarVkZJj2qf/?mibextid=oFDknk
👆🏼 FB ඉන්න අය ඉන්නවා නම් මේක අනිවා බලන්න.. Links වැඩ නැත්නම් මගේ Profile එකෙන් ගිහින් බලන්න (Apsara Kumarasinghe). ඔයාලාට චූටි වීඩියෝ පණිවිඩයක් ගෙනාවේ මගේ හඬින් 😁

කතාවේ අවසාන කොටස් මේ කොටසේ ඉදන් පටන්ගන්නවා 🤗🖤

ඔන්න Q & A එකක් OPEN කරලා තියෙන්නේ! ප්‍රශ්න තියෙන අයට පුළුවන් කමෙන්ට් කරන්න.පල්ලෙහා Writer Note එකත් කියවන්න අමතක කරන්න එපා.*****

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

නුරායා සිටියේ කල්පනා සයුරක ගිලීයි. ඇයට කල්පනා කරන්නට නම් දේවල් බොහෝමයක් විය. නදීෂ් නුරායාව බලහත්කාරයෙන් ඔහුගේ කරගත් දිනයේ පටන්ම නැවත රදීෂ්ගේ සිරුරට පැමිණියේ නැති වීම එක් පසෙකින් සැනසීමක් වුවත්, අනෙක් පසින් ඔහු කොයි මොහොතේ රදීෂ්ගේ සිරුරට එයිදැයි තමා බියෙන් ජීවත්වෙමින් සිටිය යුතුය. නුරායා අතිශයින්ම අකැමැති වූ දෙයක් නම්, එලෙස බියෙන් සැකෙන් ජීවත්වීමය.

“නෑ… මං කොහොමහරි රදීෂ් ව සනීප කරගන්නවා.. ඊටපස්සේ.. ඊටපස්සේ.. රදීෂ් එක්ක විතරක් සතුටින් ජීවත්වෙනවා.. ආයේ කවදාවත් නදීෂ් එන්නැති දවසක.. මෙහෙම බයෙන් ජීවත්වෙන්න බෑ මට… ඒත් මම කොහොමද...” නුරායා තම යටි තොල සපාගත්තේ කල්පනාවෙන්මය. කළ යුතු දේ දන්නා නමුත් කරන්නේ කෙසේදැයි ඈ නොදනී. මේ මොහොතේ ඇයට යමෙකුගේ සහය නම් අතිශයින්ම අවැසිය. කෙතරම් දේට නුරායා තනිව මුහුණ දී තිබුණත් මේ ඊට වෙලාව නොවෙයි. නුරායාගේ සිහියට හදිසියේම පැමිණියේ නදීෂ් එදින ඇයට කියූ වදනයි.

*"මම නැති ලෝකයක රදීෂ් ජීවත්වෙන්න ඕනේ නෑ කියන තැන මම ඉන්නේ!! ඒ කියන්නේ මට ඌ හිටියත් එකයි, නැතත් එකයි!”*

ඉතිං කෙසේද ඔහු නැති ලොවක් ගැන සිතන්නේ?

රදීෂ් යනු තම දිවියෙහි වසන්තය වේ. මැරෙනවා බවත් දැන දැන පැණි බෝතලයටම ඇදෙනා කුහුඹුවෙක් මෙන් නුරායාත් මේ මොහොතේ රදීෂ්ව අතාරින්නට මොහොතක්වත් සිතන්නේ නැත්තේ, ඔහුගෙන් ලද ඒ ආදරය  ඇයව ඔහුට ඇබ්බැහි කර තිබුණු නිසා. ඉතිං ඒ ආදරය අන් කිසිවෙකුට ලබා දිය හැකි යැයි ඇය විශ්වාස කළේ නැත.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]On viuen les histories. Descobreix ara