139

47 7 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
139

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

නිමේෂ් තම අතෙහි නුරායා විසින් ලියන ලද වචන කීපය ඡායාරූපගත කළේ ඒවා මැකීයාමට ඇති සම්භාවිතාව අතිශයින්ම වැඩි වූ නිසාවෙනි.

නමුත් ඔහු කල්පනාකාරීව එම වචන කීපය කියවූවේ නැවත වතාවක් තම මොළය වෙහෙසවමිනි.

'Radeesh'

'Split Personality'

'Nadeesh'

"මම හිතන්නේ මේ ස්ප්ලිට් ප'සනැලිටි එක ගැන හෙව්වොත් මට පුළුවන් වෙයි නුරායා මොකක්ද කියන්න හැදුවේ කියලා තේරුම්ගන්න" නිමේෂ් තම උකුළු පරිගනකයේ සෙවුම් තීරුව මත ඉක්මනින්ම යතුරුපුවරුව මෙහෙයුවේ, තම උපැස් යුවල මතින් උවමනාවෙන් ඒ දෙස බලමිනි.

。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。

"නූ..." රදීෂ් අල්ලාගත්තේ නුරායාගේ අතකිනි. නුරායා හැඟීමකින් තොරව හිස් බැල්මකින් ඔහු දෙස සහ ඔහුගේ අතට මැදිව තිබූ තම අත දෙස බැලුවා.

"නූ.. ප්ලීස්... මාත් එක්ක කතා කරන්න... වී ෂුඩ් ටෝක්..."

"අයි නීඩ් සම් ස්පේස් රදීෂ්... ප්ලීස් ලීව් මී.. මට තනියෙන් ඉන්න දෙන්න" නුරායා ඔහුගේ අතින් තම අත මුදවාගනිමින්ම පැවසුවේ නොසැලකිලිමත් හඩකිනි.

"ඔයාම නේද මට කිව්වේ නූ තනියෙන් ඉන්න ඕනේ නම් ඔයාට ඇයි ආදරේ කිව්වේ කියලා? ඉතිං... අද ඔයාම ඇයි මෙහෙම කියන්නේ?" රදීෂ් විමසුවෙන් නුරායා කඳුළු පුරවාගත් දෙනෙත් වලින් බැලුවේ රදීෂ් දෙසයි. ඉතිං ඔහුට තවමත් එය මතකය. නදීෂ් කළ වරදට කෙසේද මොහුගෙන් පලි දරන්නේ?

"නූ... මම කියන එක අහන්නකෝ... අම් සොරි... මම මේ විදිහට නෙවෙයි ඔයාව මගේ වයිෆ් කරගන්න හිටියේ. මේ විදිහට ඕනේ වුණා නම් අපි දෙන්නා මැරි කරන්නේ මීට ගොඩ කාලෙකට කලින්නේ.. අපි දෙන්නටම ඕනේවුණේ අපි හීන මවපු වෙඩින් එක කියලා මම දන්නවා. මට වඩා වැඩියෙන්ම ඒක ඕනේ ඔයාට.. මට ඕනේ වුණේ ඔයා සතුටින් ඉන්නවා බලන්න.. ඒත් අපි දෙන්නා අතර සිද්ධවෙලා තියෙන දේ එක්ක.. මට බැරිවුණා.. ඔයාට ඔයාගේ අයිතිය දෙන්නේ නැතුව ඉන්න.. මම කොහොමද ඔයාට එහෙම කරන්නේ..? ඒ නිසයි හදිසියේම මැරි කරන්න ඩිසයිඩ් කළේ.. අම් රියලි සොරි නූ..." රදීෂ්ගේ වදන් නුරායා අසා සිටියේ ඉවත බලාගෙනයි. ඔහු පවසන සියල්ලම සත්‍යය බව ඈ හොඳින්ම දනී. නමුත් සිත පිළිගැනීමට අකැමැතිය. ඒ වේදනාව ඉතිං ඇයව එලෙස හැඟීම් විරහිත කළා.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Wo Geschichten leben. Entdecke jetzt