148

51 8 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
148

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

“සුදූ… අප්පච්චි මොකද කිව්වේ?” අරවින්ද විමසුවේ මොහොතක් නිරාශා අසලින් අසුන්ගෙන ය. කෙතරම් දේ සිදුවුවත් ඈ පිළිබඳව ද බැලිය යුතුය. පැය බාගයකට ආසන්න වේලාවක් තම නිවස සමඟ දුරකතන සංවාදයක සිටී ඇයගේ වත රතුවී තිබුණි. තරමක් පැහැපත් තරුණියක් වූ නිසාවෙන් ඇයගේ වෙනස හොඳින්ම දිස් විය. දුරකතන ඇමතුමෙන් පසුව නිරාශා විවේකකාමරයට ගොස් මුහුණ සෝදගෙන පැමිණි බවත් අරවින්දට දර්ශනය වූයේ, සේපාලිකාව තුරුළට ගෙන අසුන්ගෙන සිටිද්දීයි. ඔහුත් සිටියේ හොඳටම මැළව ගොස්. ජනිත් යනු ඔහුගේ බාල සහෝදරයෙකු ලෙසයි ඔහුට දැනුනේ. ඉතිං සේපාලිකා හට ඔහුට ළං වන්නට අවසර ලබාදුන්නේ ඔහුව එතරම්ම විශ්වාස කළ නිසා මෙන්ම දැනුන නිසා නොවේද? ඒ නිසාම වන්නට ඇති අරවින්දගේ දෙනෙතටත් කඳුළක් මෝදූ වූයේ. එනමුත් ඔහු එය ඉවසා සිටියා.

“ලොකූ… ටිකක් ඉන්නවද මෙහෙම..?” අරවින්ද සේපාලිකාව මොහොතකට තනි කර නිරාශා වෙතට ළං වූයේ ඇයව ද තනි කිරීමට සිත් නොදුන් නිසයි.

“මුකුත් නෑ අයියේ…” නිරාශා යාන්තමට සිනාසීමට උත්සාහ කර පැවසුවේ ඕනෑවට එපාවට මෙනි.

“මට බොරු කරන්න එපා කියලා මම ඔයාට මීට කලින් කියලා තියෙනවා සුදූ… කියනවා, මොකද කිව්වේ?” අරවින්ද විමසුවේ ඇයගේ අත තදකොට තම අතකට මැදිකරගෙනය.

“අනේ.., මේ වෙලාවේ මේක වැදගත් නෑ අයියේ…” නිරාශා පැවසුවෙන් අරවින්ද සුසුමක් හෙළන්නට වූවා. “මට කියන්න සුදූ… කොහොමත් දැන් වෙලා තියෙනවට වඩා නරකක් ආයේ වෙන්න බැහැනේ” ඔහුගේ හඩෙහි පැවතියේ වෙහෙසකි. නිරාශා ද බර සුසුමක් හෙළූවේ තම මිතුරාව සිහිපත් වී යි. ඉතිං ඇයගේ සිත නම් කියන්නේම ඔහුට කිසිදු කරදරයක් නොවන බවයි. එනිසයි ඈ තරමක් ධෛර්‍යයෙන් සිටියේ, සේපාලිකාව ද සැනසුවේ.

“අප්පච්චි කෑ ගහනවා අයියේ… නෑදෑයෝ ඉස්සරහා එයාට විරුද්ධවෙලා ඔයාලා එක්ක ආවා කියලා.. ආයේ ගෙදර එන්නත් එපාලු” නිරාශා පැවසුවෙ සිහින් හඬිනි. අරවින්දට සුසුමක් හෙළූණේ ඉබේටමය. "මොනදේ වුණත් මම ඔයාව අතාරින්නේ නෑ සුදූ.." අරවින්ද පැවසුවේ නිරාශාගේ අත තම අතකින් තදින් මිරිකා අල්ලාගනිමිනි. "මං දන්නවා අයියේ... අප්පච්චි මාව අතෑරියත් ඔයා මාව අතාරින්නේ නෑ කියලා මම දන්නවා.." ඇය ඔහු ගැන පරම විශ්වාසයෙන් තම හිස තබාගත්තේ ඔහුගේ පුළුල් උරහිසෙනි. සුසුමක් හෙළූ අරවින්ද නිරාශාගේ හිස පිරිමදිමින්ම ඉවත බැලුවේ කල්පනාවෙනි. ඔහුගේ දෙනෙත් ඉබේටම වාගේ ගියේ සේපාලිකා වෙතටයි. ඒ ඈ තමා ඉන්දවා පැමිණී තැනින් නැගිට දැඩි සත්කාර ඒකකයේ දොරටුව දෙසට ගිය නිසාවෙනි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now