111

60 7 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
111

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

එදින උදෑසන පටන්ම අරවින්ද සිටියේ අතිශයින්ම කාර්යබහුලවයි. අද දින තම සහයිකාව වූ නිරාශා ද නිවාඩු ගෙන තිබූ නිසා ඔහුට තම සියලුම රාජකාරී තනිව කරගැනීමට සිදු විය.

දීර්ඝ කතිකාවන් සහිත පැය ගණනාවක රැස්වීමක් නිම කළ අරවින්ද හුස්මක් කටක් ගත්තේ එය අවසන් වූ විටය. තම ජංගම දුරකතනය ද ක්‍රියාවිරහිතව තිබූ බැවින් ඔහු තම පරිගණකටම දුරකතනය සම්බන්ධ කර නැවත වතාවක් රාජකාරී කටයුතු ආරම්බ කලා.

තරමක් වේලාවකට පසු දුරකතනය පරීක්ෂා කළ අරවින්ද සේපාලිකා හට දුරකතන ඇමතුමක් ලබා දුන්නේ අද දවසේම ඔවුන් පිළිබඳව සොයා බැලීමට නොහැකි වූ නිසයි. නමුත් ඇයගේ දුරකතනය ක්‍රියා විරහිතව තිබුණි.

තවත් කීපවතාවක්ම උත්සාහ කර බැලුවත් සාර්ථක පිළිතුරක් නොවීය.

"අක්කේ.. ජනිත් කෝ?" අරවින්ද විමසුවේ මධුමිතාගෙනි.

"අ.. තිසර එක්ක එලියට ගියා මං හිතන්නේ අරවින්ද"

අරවින්ද තම යටි තොලත් හපාගෙන කල්පනාවක නිමග්න වුණි.

"මධු අක්කේ හතරාමාරයි.. මම දැන් ඕෆ්වෙනවා.."

"අ.. හරි මල්ලි මුකුත් ප්‍රශ්නයක් නෙවෙයි නේ?"

"නෑ අක්කේ..."

කයිසරයෙන් පිටතට පැමිණි අරවින්ද ඉක්මනින්ම තම යතුරු පැදිය වෙතට නැග ධාවනය ආරම්භ කලා. ඔහු තම නිවස වෙතට පැමිණියේ විදුලි වේගයෙනි. ඒ අතර මැද නැවත වතාවක් තම දුරකතනය නාද වූවෙන් අරවින්ද තම අවධානය දුරකතනය වෙතට ලබා දුන්නත් ඒ ඇමතුම් සියල්ලම නිරාශාගෙන් වූ නිසා ඔහු ඒවා නොසලකා හැරියේ නිවස බලා යාමේ අතිශය වුවමනාවෙනි.

නිවස වෙතට ආ අරවින්ද දොරට කීපවතාවක්ම තට්ටු කලත්, කෑ ගසා කතා කලත් සේපාලිකා හෝ අරවින්දගේ බාල නැගණිය අරලියා ගෙන් වත් කිසිදු පිළිතුරක් නොලැබුණි. සිත නොසන්සුන් වී යද්දී අරවින්ද තමා අත වූ අමතර යතුරින් නිවසේ දොරටුව විවර කළේ භීතියෙනි. ඒ ඔවුන් දෙදෙනා නිවසෙහි දක්නට නොවුණු බැවිනි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now