140

41 5 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
140

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

ඒ සැදෑ යාමයේ නිරාශා සහ අරවින්ද සිටියේ නගරයේ එහෙ මෙහෙ කඩචෝරු කමින් ඇවිදිමිනි. නංගිලා වෙනුවෙන් යැයි වෙන් කෙරුණු කඩචෝරු මල්ලක් ද අරවින්දගේ අතෙහි විය. සතුටින් ඇවිදිමින් සිටී නමුත් එක්වරම අරවින්දගේ අතින් ඇදගෙන නිරාශා මුවා වූයේ පාර අද්දර නවතා තිබූ විශාල ලොරි රථයකටයි.

"මොකද සුදූ වෙලා තියෙන්නේ? තව ඩිංගෙන් මම බිම"

අරවින්ද ඇයගේ අතින් ඇද මුහුණට එබී මිමිණුවේ තරමක් නොරිස්සුමිනි.

"අනේ අයියේ... අප්පච්චි ඉන්නවා..." නිරාශා කනු කුනු ගෑවේ විටින් විට එක් දිශාවක් දෙස බලමිනි.

"කෝ?"

"අර අතන එලවලු කඩේ ළඟ.. අනේ.. අපිව දැක්කද දන්නෑ අයීයේ..." නිරාශා අරවින්දගේ අතෙහි එල්ලුනේ බියෙනි. ඉතිං තම පියාණන් දුටුවා නම් පාරේදීම ගුටි කෑමට සිදුවේ.

"බයවෙන්න එපා සුදූ.. දැක්කත් අවුලක් නෑ.. මම දැන්ම ගිහින් අප්පච්චි එක්ක කතා කරන්නම්.." අරවින්දට යාමට සැරසුණත් නිරාශා ඔහුගේ අතෙහි එල්ලී ඔහුව වැළැක්වූයේ කලබලයෙනි.

"පිස්සු කියවන්න එපා අයියේ.... අර ආපු මනමාලයගේ ප්‍රශ්නෙන් පස්සේ අප්පච්චි එක්ක ගිහින් මේ වගේ දෙයක් දැන්ම කතා කළොත් හෙට ඔයාට මගේ මළමිනිය තමයි දකින්න වෙන්නේ... පාරෙම මට ගහයි.." නිරාශාගේ දෙනෙතට කඳුළු පිරෙද්දී ඈ මිමිණුවේ නහයත් උඩට අදිමිනි.

"ඉතිං සුදූ... කොහොමත් ලොකූගේ එක්සෑම් ඉවරවුණාම මම අපි දෙන්නා ගැන කතා කරනවා කියලා කිව්වානේ.." අරවින්ද උත්සාහ කළේ ඇයට පැහැදීමටයි.

"හරි ඒත්.. මේක නෙවෙයි වෙලාව අයියේ.. මම ඔයාට වෙලාවට කියන්නම්කෝ.. මේ වගේ වෙලාවක අපි දෙන්නාව අහුවුණොත් මට පාරෙම අල්ලගෙන ගහයි. අපේ අප්පච්චි ඔයා හිතනවට වඩා නපුරුයි අයියේ..." නිරාශා නාහෙන් අඬන්නට ගත්තේ අරවින්දට වඩා හොඳින් තමා තම පියාණන්ව දන්නා නිසාවෙනි.

"හරි ඉතිං.. එහෙනම් ඔයාම කියන්න මොකද කරන්නේ කියලා අපි දැන්" අවසන අරවින්ද ඇයටම සියල්ල භාර කළේ කියන කියන දේට ඇය හේතු දක්වන නිසාවෙනි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now