143

32 6 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
143

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

නුරායා උදෑසන පටන්ම කල්පනා කළේ රදීෂ් පිළිබඳවයි. ඔහු මෙය කෙලෙස දරාගනියි ද? නිමේෂ්ගේ සැලැසුම කෙතරම් සාර්ථක වීමේ ප්‍රතිඵල බහුල වුවත්, රදීෂ්ට දරාගත අපහසුවූවක් වනවා නියතය. තමා මෙතරම් කාලයක් මේ රහස රැකගත්තාට ඵලයක් නොවනු ඇත. නමුත් තවත් නදීෂ් පිළිබඳව සඟවා සිටිය නොහැකිය. සුදුබෝලේව මරා දැමූ දවසේ පටන්ම නුරායාගේ මනසේ වැඩ කරන්නේ මීළඟට නදීෂ්ගේ ඉලක්කය කවුරුවන්නට පුළුවන් ද යන්නයි. සමහරවිට මේ සැලසුම අසාර්ථක වුවහොත් නදීෂ්ගේ මීළඟ ඉලක්කය නිසැකයෙන්ම තමා හෝ නිමේෂ් වනවා නියතය.

තවත් රදීෂ්ගේ සිරුර ඔහුගේ පාලනයකින් තොරව මෙලෙස අවභාවිතා වීමට දිය නොහැකියි.

නමුත් නිමේෂ්ගේ සැලැස්ම.. එහි කොහේ හෝ රදීෂ්ට හානි දායික වන කරුණු ගැබ්ව ඇති බව නුරායාට ඉවෙන් මෙන් දැනේ.

නුරායා පැය ගණනාවක්ම ගත කළේ, නිමේෂ්ගේ සැලසුම තම සිතින්ම සාධාරණීයකරණය කරන්නට උත්සාහ දරමිනි.

“රායා...” එක්වරම නුරායා තිගැස්සී ගියේ ඒ ඇමතුමෙනි. මේ මොහොතේ ඈ නිවසේ සිටියේ තනිවමය. ඉතිං එනිසයි ඇය තවත් බියපත් වූයේ. නුරායා හිස හරවා බැලුවේ හඬ ආ දෙසයි. ඒ සිටින්නේ නදීෂ් විය යුතු වුවත්, වෙනිදාට ඔහුගේ වතින් දිස්වෙන බයානක පෙනුම අද දින නම් දක්නට නොලැබිණි.

“රායා...” නැවත වතාවක් සිහින් හඬින් මුමුණමින් ඔහු ඇවිඳගෙන ආවේ නුරායා වෙතටයි. ඈ අසුන්ගෙන සිටි සෝෆාව වෙතටයි. නදීෂ් ඈ අසලින් අසුන්ගෙන තම කතාව ආරම්භ කිරීමටයි උත්සාහ කළේ. නමුත් පෙරදිනට වඩා ඔහු කෙරෙහි නුරායාගේ සිතෙහි ඇතිවූයේ බියකට වඩා කෝපයකි. තවමත් ඔහු තමාට කළ කී දෑ ඇයට අමතක කළ නොහැකිය.

“අ’ම් සොරි… බට්.. මට ඔයා ඔහොම ඉන්නවා බලාගෙන ඉන්න බෑ… මම ඔෆිස් එකේ ඉදන් ඔයා දිහා බලාගෙන ඉන්නේ.. ඔයා ඔහොම හෙල්ලෙන්නෙවත් නැතුව එකම විදිහට ඉඳගෙන කල්පනා කර කර ඉද්දී… ඉද්දී… මාව රිදෙනවා… මාව රිදෙනවා රායා… මම කවදාවත් කෙල්ලෙක්ගේ ඇඟට ඒකීගේ අකැමැත්තෙන් අත තියලා නෑ.. තමුසේ තමයි පලවෙනි කෙල්ල මම එහෙම කරපු.. අ’ම් සොරි… මම.. ඒ වෙලාවේ… ඒ වෙලාවේ තරහට..” එක්වරම නදීෂ්ගේ කොපුලක් හරහා ගියේ නුරායාගේ අතකි. එක්වරම සිදුවූ දෙයින් නදීෂ් තරමක් කම්පනයට පත්වූ අතර, ඔහු පහර කෑ තම කොපුල මතින් අතක් තබාගෙනම හැරුනේ නුරායා වෙතටයි. ඉතා පැහැපත් සමකට උරුමකම් කී රදීෂ්ගේ කොපුල මත නුරායාගේ අතැඟිලි පහරවල් රතුවී තිබුණි. කඳුළු පිරුණු දෙනෙත්වලින් නදීෂ් මෙන්ම නුරායා ඔවුනොවුන් දෙස මොහොතක් බලාගෙන සිටියේ වේගවත් සුසුම් වැල් සමඟිනි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Dove le storie prendono vita. Scoprilo ora