129

41 4 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
129

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

පෙර දින සේපාලිකාත් සමඟ පන්සල් ගියත් මීළඟ දිනය වූ ඉරිදා දිනත් ජනිත් ඇදුනේ අරවින්දගේ නිවසටයි. ඒ අරවින්දගේ ඇමතුමකට අනුවයි.

"අවුලක් නෑ නේ ජනිත්? මං නිශා එක්ක පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්?" අරවින්ද විමසුවේ ජනිත් තම හිස්වැසුම ගලවා නිවසෙහි පුටු සැටියෙහි අසුන්ගනිද්දීයි. දැන් ඔහුට එයත් ඔහුගේ නිවසක් මෙනුයි දැනුනේ.

"අවුලක් නෑ බං... ඒත් ලොකූවයි, පොඩීවයිත් එක්කගෙන යන්න තිබ්බා නම් හොඳයි නේද අයියේ?" ජනිත් විමසුවේ නිතරම සේපාලිකා සහ අරලියා නිවසෙහිම සිටීම නිසා, ඔවුන් දෙදෙනාටත් විවිධත්වයක් අවැසි වූ බව සිතුනු නිසයි.

"හ්ම්ම්... එක්කන් නම් යන්න ඕනේ තමයි.. ඒත් සුදූ එච්චර හොඳින් නෙවෙයි ඉන්නේ ජනියා මේ දවස්වල.. ඔක්කෝටම කලින් එයාගේ හිත හදලා ඉන්න ඕනේ.. ඊටපස්සේ අපි කට්ටියම එලියට ගිහින් එමු.." ජනිත්ගේ උරහිසකටත් තට්ටුවක් දමා අරවින්ද එලෙස පැවසුවේ තම කමිසයේ අත් නවමිනි. ජනිත් ඔහු දෙස බලා සිටියේ ආඩම්බරයෙන් සිනාසෙමිනි. ඔහු නිතරම තම අවධානය අවශ්‍යම තැන කොතනදැයි දනී. මුලින්ම කළ යුත්තේ කුමක්දැයි දනී. සෑම දේම නිවැරදිව, වගකීමෙන් කරන්නට ඔහු හොඳින් දනී. ඉතිං තමාට කවදාකවත් ඔහු මෙන් විය නොහැකිය. නමුත් ඒ තරම්වත් වගකීම් සහගත වීමට උත්සාහ දැරිය යුතු බව ජනිත් තමාටම සපත කර ගත්තා.

"මං යනෝ එහෙනම් හොදේ.. අන්න ලොකූ කාමරේ පාඩම් කරනවා.. පොඩී නම් නිදි.. ඇහැරවන්න එපා එයාව.. රෑ පුරාම පාඩම් කරලා ඉන්නේ ළමයා..." අරවින්ද උපදෙස් දී පිටවයද්දී ජනිත් හට තමන් පිළිබඳව ම දැනුනේ තරමක ආඩම්බරයකි. අරවින්ද යනු කිසිවෙකු සමඟ තම නැගනියන්ව දමා යන්නෙකු නොවේ. නමුත් ඔහු තමා භාරයේ මෙලෙස තම නැගණියන්ව දමා යාමට තරම් තමාව විශ්වාස කිරීම ගැන ජනිත් හට දැනුනේ තරමක ආඩම්භරයකි. අරවින්ද ගිය සැනින් කුටියෙන් පිටතට පැමිණියේ සේපාලිකායි.

"කාලා ද ඉන්නේ අයියේ?" ඈ සියල්ලට ම ප්‍රථමයෙන් විමසුවෙන් ජනිත් හිස සලා අත පය දිග හැර අසුන්ගත්තේ පුටු සැටියේයි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now