105

63 7 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
105.

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"දැන් අපි බලමු සුලෝ ඔයාට මොකද වුණේ කියලා!"

නුරායා තමන්ට ම කියාගන්න ගමන් විමසිල්ලෙන් බැලුවේ බ්‍රේස්ලට් එක කොහෙද කියලා. අන්තිමේ ඇයට එය කාඩ්බෝඩ් පෙට්ටිය මත තිබී හමුවිය.

ඉතිං ඉක්මනින්ම තම ඉලක්කය වෙතට ගිය නුරායා, තම අතකින් පැළඳ සිටී අත් ආවරණය ගලවා දැමුවා. රදීෂ් පැමිණීමට පෙර තම මෙහෙයුම අවසන් කළ යුතු බැවින් ඇය ඉක්මනින්ම තම නිරුවත් අතින්  බ්‍රේස්ලටය අරගත්තා.

ඒ සැනින්ම ඒ දෙනෙත් ශ්වේත වර්ණ ව ඈ අතීතයේ මතක ගොන්නකට ඇදී ගියා.

යුවතියකගේ විසිරුණු සිනාහඩ අතරින් රදීෂ්ගේත් සිනාහඩ ඇසෙද්දී නුරායා තම දෙනෙත් තදින්ම පියාගත්තේ සිතට දැනෙන වේදනාව ද දරාගනිමිනි.

එක්වරම ඇය තිගැස්සී තම මතකයන්ගේ ආපස්සට යෑම නතර කළේ යුවතියක් සිනාසෙමින්ම කතා කරන හඩ ඇසීමෙනි.

"දන්නවද හෂ්.. ඔයාලාගේ තාත්තා මටත් එයාට තාත්තා කියලා කතා කරන්න කියපු වෙලාවේ මට දැනුනේ කොහොමද කියලා?" ඈ සතුටින් ඔහුගෙන් විමසුවේ,  ඔහුත් සමඟම කොහේදෝ මන්දා තරප්පු පෙළක් නගිමිනි. ඔහු ඊට යාන්තමට සිනාසුණා පමණකි. නමුත් නුරායාට නම් ඒ සිනාවෙන් දැනුනේ අමුත්තකි. එය දුක්මුසු සිනාවක් නොවේද?

ඈ සිත ප්‍රශ්න කරන්නට විය.

ඈ මොහොතක් වශී වී මෙන් බලාසිටියේ යෞවන වියෙහි ගැටවරයෙකු වූ රදීෂ් දෙසයි. ඉතිං ඔහු දැනට වඩා සිරුරින් කෙට්ටු වූ අතර වතෙහි රැවුල මුළුමනින්ම කපා තිබිණි. යෞවන වියෙහි වූ රදීෂ් පිළිබඳවත් නුරායාට දැනුනේ මහා සෙනෙහසකි. මොහොතකට ඔහුට තුරුළු වීමට සිතුනත් ඈ සිටියේ බ්‍රේස්ලටයේ ස්පර්ශ මතකයන් තුළ බව ඇයට හදිසියේම සිහි විය.

"ඉතිං...?"

ඔහු විමසුවේ සිහින් හඩිනි.

"ඉතිං කියන්නේ...? මට නම් පේන්නේ තාත්තා දැන් ඔයාට වඩා මට ද කොහෙද ආදරේ.."

ඈ ඔහුගේ උරහිසේ වැදෙමින්ම සිනාසුනේ මළානිකව සිටී ඔහු බිත්තියේ වදිද්දීයි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now