124

53 10 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
124

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

නුරායා කෙමෙන් කෙමෙන් තම බර ඇහි පිහාටු විවර කළේ තද හිසරදයක් ද දැනෙද්දීයි. දරාගත නොහැකි වූ හිසරදයත් එක්කම ඈ වටපිට බැලුවේ තමන් සිටින්නේ කොහිදැයි වටහාගැනීමටයි. මොහොතක් දෙකක් ගත වුණු කල්හි ඇයට හැකි වූවා අදුරගන්නට තම හුරුපුරුදු කුටිය. කෙසේනමුත් තමා අසලින්ම නිදා සිටින රුව දුටු නිසාවෙන් නුරායා කලබලයෙන් සයනයෙන් බිමට බසින්නට සූදානම් වුවත්, ඇයගේ සිරුරට දැනුනු කරකැවිලි ස්වභාවය නිසාවෙන් ඈ නැවත වතාවක් සයනය මතටම ඇද වැටුනා. එවිටයි කුඩා දරුවෙක් මෙන් නිදා සිටී ඔහු පිබිදුනේ.

"නූ..., ඔයා ඇහැරුණාද?" ඔහුගේ නිදිබර හඬ ඇසුනෙන්ම නුරායා හදුනාගත්තා ඒ නම් රදීෂ් බව. "අපි මොනාහරි පාටි එකකට ගියාද නූ? මම ඩ්‍රින්ක්ස් ගත්තාද මොනාහරි? ඒත්.. ඇලජි රිඇක්ෂන් එකක් නම් පේන්න නෑ නේද?" රදීෂ් විමසුවේ තවමත් නිදිබර වූ හඬකිනි. "න්නෑ... රදීෂ්.. අපි.. ඩ්‍රින්ක්ස් ගත්තේ නෑ" නුරායාගේ මත් බවත් පහවී ඇති බවක් දැනුනේ ඔහුට පිළිතුරු බැඳීමට දැන් තමාට සිදුවන බව වැටහුන නිසාය.

"ඒත්.. මගේ ඔළුව පැලෙන්න වගේ රිදෙනවා නූ... මේ මොනා... වෙලාද මන්දා... ගොඩක් වෙලාවට... මෙහෙම රිදෙනවා... ආ...හ්" රදීෂ් එක්වරම තම වමතින් හිස අල්ලාගත්තේ තරමක වේදනාවක් ඔහුගේ වතින් ඉස්මතුවද්දීයි. එක්වරම රදීෂ්ගේ වත හැඟීම් රහිත හිස් පිටුවක් මෙන් වද්දී, නුරායා ඔහු දෙසම බලා සිටියේ පුදුමයෙනි. නමුත් එක්වරම ඔහු තාලයකට උරුවම් බාන්නට වූයේ, ඔහුගේ ඒ හඬ අතිශයින්ම බයානක ලෙස නුරායාගේ කන්වලට ඇසෙද්දීයි. ඈ සයනයෙහි කොනකට ගුලි වූයේ හදවත බියෙන් ගැහෙද්දීයි. ඒ සැනෙකින් රදීෂ්ගේ වත සිනාවකින් හැඩ වූයේ ඈ බලාසිටිද්දීමයි. ඉතිං ඒ වතෙහි ඉරියව්වලින්ම සිතාගත හැකියි ඒ නම් රදීෂ් නොවන බව. ඔහුගේ වතෙහි කෙඳිනකවත් මෙතරම් උමතු ඉරියව් ඇති වන්නේ නැත.

"නදී..ෂ්" නුරායා සිහින් හඬින් කෙඳිරුවේ තරමක භීතියකිනි. රදීෂ් නදීෂ් බවට පරිවර්තනය වනවා ඈ දුටුවේ ප්‍රථම වතාවටය.

"ඕප්ස්... දැන් මම එද්දීම අදුරගන්නවා නේද කික්කි? හහ් හා.. ඉතිං.... කොහොමද ඊයේ රෑ?" නදීෂ් විමසුවේ උමතුවෙන් මෙන් සිනාසෙමිනි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now