130

49 6 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
130

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

ගතවන රාත්‍රීය නුරායාට ඉතා අපහසු රාත්‍රියක් විය. හවස් වරුවේ පටන්ම අකුණු ගගහා වර්ෂාව ඇදහැලෙන්නට ගත්තේ ඇයව භීතියට පත් කරමිනි. තම කුඩා කල වූ ඒ බයානක අවාසනාවන්ත මතකයන් ඇයගේ දෙනෙත් අභියස මැවී පෙනෙන්නට වූයෙන් නුරායා සිටියේ බියෙන් හැකිලෙමිනි. ඈ මුළුතැන්ගෙයි බිම වකුටු වී අසුන්ගත්තේ මහා අකුණු හඬ ඇයව තව තවත් අඩපණ කරද්දීයි.

ඉතිං තම ප්‍රේමවන්තයා හෝ තමා අසල සිටියා නම්.. නමුත් නැත අදත් සිටින්නේ නදීෂ් ය.

"හායි... බේබි... ඔයා බය වෙලා ද ඉන්නේ?" නදීෂ් විමසුවේ මුළුතැන්ගෙයට වී ගුලි වී සිටිනා නුරායාගෙනි. ඈ කිසිවක් නොපවසාම ඔහු දෙස බැලුවේ රවාගත් දෙනෙතිනි.

"මම ක්ලබ් යනවා.. මේ සීතලේ ඉතිං මෙහෙම ඉදලා මට පුරුදු නෑනේ.. සීතල නිවාගන්නත් ක්‍රමයක් තියෙන්න එපැයි... අද ලස්සන කෑලි ටිකක් ඉන්නවා... බායි එහෙනම්... සී යූ සූන්" නදීෂ් සිනාසෙමින්ම නිවසින් පිටවූයේ නුරායා ඔහු දෙස අප්පිරියාවෙන් බලා හිදිද්දීයි. ඉතිං ඔහු යන්නේ කුමකටදැයි අමුතුවෙන් කිවයුතු නැත. ඈගේ මුවට ඉබේටම ඉකියක් පැමිණියේ හරියට මෙය සිදුවනකම් බලා සිටියාක් මෙනි.  ඈ හඬාගෙනම දිව ගියේ තම කුටිය වෙතටයි. දොරටුව වසා දමා ඊට පිටදීම හඬා වැටුනත් ඈට සිහි වූයේ කුටියෙහි වූ කැමරාවයි. ඉතිං නදීෂ්ට තමා කරන දේවල් සියල්ලම දොරටුව වැසුවත් දැකගත හැකිය. නුරායා තව තවත් හඬා වැටුනේ එබැවිනි.

නමුත් එක්වරම අකුණක් ගැසුවෙන් නුරායා භීතියෙන් ඇලලි යන්නට විය. ඇයගේ හුස්ම ගැනීමේ වේගය ද වැඩිවන්නට වූයේ ඒ සමඟමයි. නුරායා සයනයට නැගුණේ හඬාගෙනයි. ඉතිං ඔහුවත් සිටියා නම්... එයම තමයි ඇයගේ සිහියට සෑම මොහොතකම පැමිණියේ. එවිටමයි ඇයට සිහිවූයේ පෙරදිනකත් මෙවැන්නක්ම සිදුවූවා. තමා නිවසෙහි තනිව සිටී මොහොතක. නමුත් එදින නම් ඔහු සිටියා තමා අසලින්ම.. නුරායා දිව ගොස් තම කබඩය අදින්නට වූයේ යමක් සිහිවීයි. එතුළින් ඈ ඇදගත්තේ ඔහුගේ ටයිපටියකි. පෙරදින පරිස්සම් කර තැබූ අයුරින්ම එය එහි විය. ඉතිං නුරායා තම අතක අත්වැසුමක් ගලවා දැමුවේ හදවත දැනුනු අස්වැසීමත් සමගය.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Onde histórias criam vida. Descubra agora