152

36 6 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
152

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

“ඇයි ඔයාට ඉන්න බැරිවුණේ… ඔයා හිටියා නම් එයාට මෙහෙම වෙන්නේ නෑනේ අම්මේ”

නුරායා මිමිණුවේ රදීෂ්ගේ මවගේ සොහොන දෙස බලානයි. ඉතිං ඈ ජීවත්වූවා නම්, අද මේ වනවිට රදීෂ්ගෙ ජීවිතය කෙතරම් නම් සතුටුදායක වන්නට ඇති ද?

“ඒ වගේ ජරා මිනිහෙක්ට තාත්තා කෙනෙක් කියන්නත් ලැජ්ජයි මට නම්… අම්මේ..” නුරායා මිමිණුවේ දෙවන නඩුවාරය අවසන් වූ දින ඔහුව මුණගැසුන ආකාරය සිහි කරමිනි.

නුරායා කයිසරය වෙතට අවසන් වතාවට පා තැබුවේ සාගර මහතාව මුණගැසීමටයි.

ඈ සිටියේ ආවේශ වූවාක් මෙන් කෝපයෙනි.

ඈ කිසිදු අවසරයකින් තොරව ඔහුගේ කුටියට අඩිය තැබුවේ ආරක්ෂක නිලධාරියෙක් ඇයව වැලැක්වීමට කොතෙකුත් උත්සාහ දරද්දීයි.

නුරායාව දුටු විගසින්ම සාගර මහතා තම අසුනින් නැගී සිටියේ කලබලයෙනි. ඔහුගේ පෙනුමේ තිබුණේ කෙදිනකවත් නොතිබුණු බිඳුනු ස්වභාවයකි.

නුරායා සාගර මහතා දෙස බලා සිටියේ වෛරයේ ගිනිදැල් වලින් පිච්චෙමිනි.

සාගර මහතා අතකින් සන් කර ආරක්ෂක නිලධාරියාට පැවසුවේ පිටව යන ලෙසයි.

ඔහුගේ පිටව යාමත් සමඟම නුරායා සාගර මහතා දෙසට අඩිය තැබුවේ වේගයෙනි. එක්වරම සාගර මහතාගේ කමිස කොලරයෙන් දෙඅතින්ම අල්ලාගත් නුරායා ඔහුගේ ගෙල තද කළේ දත් මිටි කමිනි.

“දු..ව.. දුව… මොක..ද මේ?” සාගර මහතාගේ හඬ වෙව්ලන්නට වූ අතර එය නුරායාව තව තවත් කෝපගැන්වූවා.

“දුව? දුව? තමුසේ කොහොමද මිනිහෝ මට දුව කියලා කතා කරන්නේ? තමුසෙට කොහෙන්ද ඒකට අයිතියක්? මේක හොඳට මතක තියාගන්නවා ජරා මිනිහා! තමුසේ රදීෂ්ගේ තාත්තා වෙන්න පුළුවන්, රදීෂ් මගේ හස්බන්ඩ් වෙන්න පුළුවන්, ඒත් කවදාවත් තමුසෙගෙයි මගෙයි අතර නෑදෑකමක් ඇතිවෙන්නේ නෑ.. අඩු තරමේ මට දවසක දරුවෙක් හිටියොත්, ඒ දරුවගේ සීයා වෙන්නවත් මම තමුසෙට ඉඩ තියන්නේ නෑ… තුඃ තමුසේ වගේ ජරා මිනිහෙක් ළඟ දවසක් හරි වැඩ කරපු එකට මම ලැජ්ජා වෙනවා..” නුරායා සාගර මහතාගේ කමිසයෙන් දෙඅත් ගත්තේ අප්පිරියාවෙනි.

“තමුසේ… තමුසේ…. තාත්තා කෙනෙක් වෙන්න සුදුසු මිනිහෙක් නෙවේ… තමුසේ පිරිමියෙක් නෙවෙයි, නපුංසකකයෙක්… නෑ... නපුංසකයෙක්ටත් වඩා අන්ත කොන්ද පණ නැති එකෙක්. තමුසෙගේ වේදනාව අර අහිංසක පොඩි දරුවාගේ පිටින් යවපු පො--යෙක් තමුසේ!!” එක්වරම නුරායාගේ අතක් සාගර මහතාගේ කොපුල හරහා ගියේ වේගයෙනි.

“මේ.. මගේ රදීෂ්ට කරපු දේවල්වලට…! තමුසේ එකක් මතක තියාගන්නවා.. තමුසේ වගේ එවුන් ඊළඟ ආත්මේ ඉපදෙන්නේ වඳ වෙලා.. දරුවෝ හදන්න බැරි නිකමෙක් වෙලා.. මම සාප කරනවා තමුසෙට! මම සාපකරනවා මගේ රදීෂ්ට කරපු දේවල්වලට… ලබන ආත්මේ දරුවෙක්ගේ උණුසුමක්වත් ලබන්න බැරිවෙලා යන්න ඕනේ!!!”

"ඒ අසරණයා අද දුක්විඳින්නේ තමුසේ නිසා!"

"මේක හොඳට මතක තියාගන්නවා!! කවදාහරි දවසක තමුසෙගේ මේ අපරාධවලට රදීෂ් සමාව දුන්නත්, තමුසෙට මගෙන් නම් සමාවක් ලැබෙන්නෙම නෑ!"

නුරායා අවසන් වතාවට කයිසරයෙන් පිටතට අඩිය තැබුවේ කෝපයෙන් මත්වීය.

"නුරායා,"

නුරායා අතීත මතකයෙන් වර්තමාන ලෝකයට පිවිස පසුපස හැරී බැලුවේ ඇසුන හුරුපුරුදු හඬ නිසාවෙනි.

නුරායා ඔහු දෙස බැලුවේ බලාපොරොත්තු රැසක් දෑස්වල දල්වාගෙනයි.

“රදීෂ්ව මෙන්ටල් හොස්පිටල් එකට දැම්මට පස්සේ ගොඩක් අමාරුවුණා කන්ටැක්ට් කරගන්නත් නංගි.. ජනිත්ගේ ලොකු තාත්තා එක්ක ලේසි නෑනේ… ඒත් අන්තිමේ.. අද පුළුවන් වුණා” නිමේෂ්ගේ වදන්වලින් නුරායාගේ දෑස් ආලෝකමත් වීමට එතරම් වේලාවක් ගත නොවුනි.

“ඒ කියන්නේ...” නුරායාගේ මුව ගොළු වූයේ දෙනෙතට ඉනූ කඳුළු සහ ඉකිය නිසාවෙනි.

“හෙට ඔයාට පුළුවන් එයාව බලන්න” නිමේෂ් පැවසුවෙන් නුරායා හඬා වැටුනේ සතුට දරාගත නොහැකිවයි. ඉතිං ඔහුව දකින්නට තමා කෙතරම් නම් කල් බලාසිටියාද? දැන් අවසන් නඩු වාරයෙන් පසුවත් මාසයක් ගත ව අවසන් ය.

“දැන් හැමදේම හරි නුරායා. තව ටික කාලයයි ඔයාට මේ දුක විඳින්න තියෙන්නේ.. අහන්න නංගි, අපි අපේ වේදනාවන්ගෙන් හීල් වුණේ නැතුව දිගටම ජීවත්වුණොත් අපිට වරදක් නොකරපු, සමහරවිට අපි වෙනුවෙන් කැපවුනු මිනිස්සුන්ටත් අපි රිද්දනවා. ඒක තමයි ඔයායි, රදීෂුයි අතර වුණේ… එයා හිටිය වේදනාවෙන් එයා ඔයාවත් පිච්චුවා...” නිමේෂ්ගේ වදන් කෙතරම් නම් හිතට බරක් ගෙනාවත් නුරායා හට නොහැකි වූවා ඒ වදන් නොපිළිගෙන ඉන්න.

🖤⚡🌙⚡♥️

Copyright © 2024 by Apsara Kumarasinghe
['සඳට පෙම් බඳින්නම්' කතාවේ සියලුම අයිතිය කර්තෘ වන අප්සරා කුමාරසිංහ, එනම් මා සතු වේ. කතාවේ කිසිදු කොටසක්, කිසිදු අයුරකින් පිටපත් කිරීම තහනම්!]

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now