135

36 6 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
135

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

දින ගණනාවක් ගත වූයේ සේපාලිකාගේ විභාගය ළං කරමිනි. ඈ නම් මෙවර බියෙන් ගැහුනේ එක්වරක් අසාර්ථක වූ නිසා සිතට දැනෙන භීතිය නිසයි.

"ලොකූ... ඒලෙවෙල් ඕක.. මිනියක් මරන තැනක් නෙවෙයි.. තමුසේ බයවෙන්නේ හරියට තමුසෙව මරන්න ගෙනියනවා වගේනේ..." අරවින්ද සේපාලිකාට බැන වැදුනේ උණු උණුවෙන්ම කිරිබත් ගුලියක් අනා ඇයගේ මුවට දමමිනි.

"ඒ වුණාට.. එක පාර..ක්"

"එකපාරක් වැරදුනු මිනිස්සු ආයේ නැගිටිනවා දැකලා නැද්ද ආහ්? මම ම කොච්චර නම් එක්සෑම්ස් රිපීඩ් ගහලා තියෙනවද.. එහෙම තමයි... වැටි වැටි නැගිටින්න ඕනේ" අරවින්ද තවත් බත් කටක් සේපාලිකාගේ මුවෙහි එබුවේ ලුණු මිරිස් ද යහමින් දමායි.

"ඕයි... ඔහොම කිරිබත් කෑවොත් මේකි ගිහින් නිදාගනියි විචාර ලියන එක පැත්තක දාලා.." එක්වරම කොහින්දෝ මන්දා නිවසට කඩාගෙන පැන්න ජනිත් කෑ ගෑවේ සේපාලිකාව , අරලියාව පමණක් නොව අරවින්දවත් බය කරමිනි.

"ඔහොම ගෙවල්වලට පනින සිරිතක් තියෙනවද යකෝ?" අරවින්ද කෑ ගැසුවේ ජනිත් හටයි. "කෝ බයික් එක?"

"එහෙම තමයි සප්‍රයිස් කරන්න එද්දී සද්ද බද්ද දාන් එන්න බෑනේ... ඒ මටත් කවනවකෝ අයියේ කිරිබත් කටක්" ජනිත් කටත් ඇරගෙන සේපාලිකාවත් තල්ලු කරමින් පැන්නේ අරවින්ද අසලටයි. "අපෝ... දෙන්න එපා අයියේ... ඊටපස්සේ ඔෆිස් ගිහින් නිදාගනියි.." සේපාලිකා කෑ ගෑවේ ඔහුව පැත්තකට අදිමින්.

"අනේ මේ... ගිහින් බෑග් එක ආපහු චෙක් කරනවා ලොකූ.... අයිඩී කාඩ්, විභාග අංක එහෙම ඔක්කොම අරන් යනවා හරිද? කවකටු පෙට්ටි, ඇටකටු සෙට් ඔක්කොම දාගෙන යනවා.. නැත්නම් ගියාට පස්සේ මූට එන්න වෙයි පිටිපස්සෙන් හලාගෙන ගියපු කෑල්ලි ටික අහුල අහුල..." ජනිත් කියවද්දී සේපාලිකා ඔහුටත් ගස්සාගෙනම කාමරයට ගියෙන් අරවින්ද ද සිනාසෙමින්ම ජනිත්ගේ කටට එබුවේ කිරිබත් කටකි.

"කෝ නිශා?" ජනිත් විමසුවේ මුළුතැන්ගෙයටත් හිස පොවමිනි.

"මෙච්චර උදෙන් ඒ ගෙදරින් පැනගන්න පුළුවන්ද ජනිත් එයාට?" අරවින්ද මිමිණුවේ අසාවට මෙන් කිරිබත් ඉල්ලූ අරලියා හටත් කටක් කවමිනි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now