153

57 7 1
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
153

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

නුරායා වේගවත් අඩි තබමින් ඇවිදගෙන ගියේ රෝහල් කොරිඩෝවෙහියි. නිමේෂ් ඈ පසුපස ආවත් ඔහු කොරිඩෝව මධ්‍යයේ නැවතුනේ ඇයට තනිව යාමට ඉඩ දෙමිනි.

“ඇයි මැණික ඔයා මාව හම්බෙන්න බෑ කිව්වේ…?” නුරායා කඳුළු සලමින්ම මුමුණන්නට වූයේ කොරිඩෝවේ දෙපස වූ කාමර අංක පරීක්ෂා කරමිනි. ඇයගේ මතකයට පැමිණියේ මොහොතකට කලින් හෙදිය කී වදන් ය.

“විසි හත ලෙඩා ඔයාව මුණගැහෙන්න කැමති නෑ මිස්. කරුණාකරලා අපිට වදදෙන්නේ නැතුව දැන් යන්න..” හෙදිය පැවසුවේ නොරිස්සුම් හඬකිනි.

“අනේ.. එහෙම කොහොමද? එයා.. අනේ… මම එයාගේ වයිෆ්..” නුරායා තම පපුවට අතකුත් තබාගෙන පැවසුවේ වේදනාවෙනි. ඇයි ඔහුට බැරි තමාව මුණගැහෙන්නට?

“ඒ නිසා තමයි අපිත් ඔයාවම කැදෙව්වේ. ඒත් ලෙඩා අකැමතියි කියනවනේ මිස්. ප්ලීස් තේරුම්ගන්න..”

“අනේ… මාව දැක්කාම එයා වෙනස්වෙයි.. ප්ලීස්.. එකම එකපාරක්..” නුරායා දෙඅත් එක්කොට හෙදියට වැඳ වැටෙන අයුරු නිමේෂ් මෙන්ම හෙදියත් බලා සිටියේ වේදනාවෙනි. ඉතිං ඇයව තවත් පීඩාවට පත් කළ නොහැකි නිසයි හෙදිය නුරායාව රදීෂ්ගේ කුටියට කැදවාගෙන යාමට කැමතිවූයේ.

හෙදිය කුටිය විවර කරෙන් නුරායා එක්වරම රදීෂ්ගේ කුටිය වෙතට පියමැන්නේ කලබලයෙනි. ඉතිං අවැසි වූයේ ඔහුව දැකීමටය. නමුත් ඔහු සිටියේ නම් ඇය දෙසට හැරී නොවෙයි.

නුරායා කෙමෙන් කෙමෙන් ගමන් කළේ ඔහු වෙතටය. පෙර මෙන් නොව, ඔහුගේ හිස කෙස් කොටවන්නටම කපා තිබුණු අතර, රදීෂ් හැඳ සිටියේ රෝහල් ගවුමක් සහ කලිසමකි. එය සාමාන්‍ය ගවුමක් නොවීය. මානසික රෝහල්වල සුලබ වූ එම ගවුමෙහි අත් අතිශයින්ම දිගු වූ අතර, පාලනය කිරීම අපහසු රෝගීන්ට ඒවා අන්දනු ලැබුවා. එහි දිගැති අත්, රෝගියාගේ සිරුර වටා ඔතා පිටුපසින් ගැට ගැසීම මගින් ඔහුගේ දෙඅත් එකට රදවා තැබීම සිදුකෙරුණා. ඉතිං රදීෂ්ගේ දෙඅත් ද එලෙසටම සිර කොට තිබුණා.

“රදීෂ්….” නුරායා සිහින් හඬින් මුමුණා රදීෂ්ගේ උරහිසින් අතක් තැබූ අතර, එක්වරම ඔහු තිගැස්සී ගියා. නුරායා වෙතට රදීෂ්ගේ දෙනෙත් හැරවුණු අතර, ඔහුගේ දෙනෙත් දොඹ ගෙඩි මෙන් රතුව තිබුණා.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now