121

55 9 4
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
121

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"ගෙදරින් අවුලක් නෑ කියලා ෂුවර් ද සුදූ...? නැට්ට වගේ මගේ පස්සෙන් ඇවිත් අන්තිමේ ඔන්න කියන්න එපා අප්පච්චි නපුරුයි,  අප්පච්චි බැන්නා, ගැහුවා කියලා හොදේ.. අරුන් දෙන්නාගෙන් එකෙක් මෙහෙම මට නොකියා ගියත් මම දෙනවා විසික් වෙන්න.." අරවින්ද පැවසුවේ යතුරු පැදියෙන් බැස තම හිස්වැස්ම ගලවන ගමන්ය.

"ඔව් ඔව් අනේ... කොහොමත් එයා දන්නේ නෑ මම පහට ඕෆ් වෙනවා කියලා.. ගෙදරින් හිතන්නේ මම හයාමාර වෙනකම් වැඩ කියලා.. එතකොට මට ඔයා එක්ක රෝන්දේ ගහන්න පැය එකාමාරක්ම තියෙනවනේ..." නිරාශා දත් විරිස්සා පැවසූවත්, අරවින්දගෙන් ලැබුණේ දරුණු රැවුමකි.

"ඔය වගේ වැඩ කරලා නම් මට අහුවෙන්න එපා සුදූ.. ගුටි දෙන්නේ.."

"ඔව් ඔව්.. එදා වගේද? මහ නපුරෙක්... ආ..! ගන්න මෙන්න මේක" අරවින්දට රවා නිරාශා සුපිරි වෙළඳසැල තුළට ගියේ ඔහු ද හිස්වැසුම් දෙකම ගෙන ඈ පසුපසින් ඇදෙද්දීයි. හිස්වැසුම් ගමන්බඩු තබන රාක්කයෙන් තබා වටපිට බැලුවත් නිරාශා නොවීය. එනිසයි ඔහු රාක්ක අස්සෙන් අස්සෙන් යමින් ඇයව සෙව්වේ. රාක්කයක් අස්සේ ෂොපින් කරත්තයක් ද තල්ලු කරගෙන හිමින් සීරුවේ බඩු බලමින් ඇවිදයන ඇයව ඔහු දුටුවේ අහම්බයෙනි.

එක්වරම තම ඉණ වටා වෙළුණ අතින් නිරාශා තිගැස්සී ගියේ භීතියෙනි. නමුත් ඒ අතෙහි අයිතිකරු දුටූ විට ඇයගේ භීතිය පහ විය.

"කොහෙද යන්නේ ආහ් මාව දාලා.. බයකරන්න හදන්න එපා සුදූ.. ගෙදර මිනිස්සුත් දන්නේ නැතුව මා එක්ක ඇවිදින්න ආවා නම් ඒ විදිහට ඉන්නවා.."

"අනේ ඔව් ඔව්.. මේ පාක් එකකටනේ ආවේ ඇවිදින්න.. ගෙදෙට්ට බඩු ගන්නනේ ආවේ අප්පා.. ඔච්චර කියවන්න එපා.." නිරාශා ද කියවගෙන ගියෙන් අරවින්දගේ මුවින් සුසුමක් හෙළූනේ ඉබේටමයි.

"සුදූ... මුරණ්ඩු වෙන්න එපා ඉතිං... ආදරේට පරිස්සම් කරන්න ඕනේ නිසානේ ටිකක් තරහා ගියේ... අනික ඔයාට එහෙම මාව දාලා එන්න තරම් දෙයක් වුණේ නෑනේ.. පොඩි පොඩි දේවල්වලට ලොකුවට රණ්ඩු තියාගන්න එපා හොදේ..." ඔහු මිමිණුවේ ඇයව තමා දෙසට හරවාගෙනමය.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now