107

51 7 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
107

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"ඉතිං හෂ්.., ඔයා වැඩියෙන්ම ආදරේ කාටද?
නුරායා ට ද?
මට ද?"
තරප්පු පෙළ නගිමින්ම සුලෝචනා විමසුවේ රදීෂ් ගෙ නි.

"ඔයාටනේ සුලෝ... වෙන කාටද? ඔයා නිසානේ මම එයාටත් ළං වුණේ.. සුලෝ කියන නම නිසා මට ඔයාව මතක්වුණ නිසානේ" ඔහු සිනාසී පිළිතුරු ලබා  දුන්නෙන් සුලෝචනා ද හිනැහෙන්නට විය.

"එහෙනම් ඇයි ඔයා මාව මරලා දැම්මේ රදීෂ්? ඇයි?! එයාව මරන්න!! එයාව මරලා දාන්න!!!! නුරායාව මරන්න!!!!!!!!" එක්වරම රදීෂ්ගේ දෙනෙත් වෙනස් වී ඒ මතට ආරූඪ වූයේ මහා බයානක මාරක ස්වරූපයකි. ඔහු වියරු සිනාවකින් සිනාසෙද්දී සුලෝචනා ද ඔහුගේ සිනාවම බෙදාගත්තා. එක්වරම තරප්පු පෙළ නගිමින් සිටී ඔවුන් දෙදෙනා නැවතී තමන් දෙස බලද්දී නුරායාගේ හදවත නවතින්නට විය.

"අනේ...  අනේ.. මාව මරන්න එපා...හ්.. ප්ලීස්.. මාව මරන්න එපා... අනේ.........." ඔහු එක්වරම ඇයගේ ගෙල මිරිකද්දී ඈ මරහඩ දෙන්නට ගත්තේ හඬමිනි.

"අනේ..........හ් මාව මරන්න එපාආආආහ්...... ප්ලීස්.... අනේ දී.....ෂ්...." රදීෂ් ද නින්දෙන් ඇහැරුණේ නුරායාගේ කෑ ගෑමටයි.

"නූ.... නූ... මොකද මේ?" ඔහු ඇයව ඇහැරවන්නට උත්සාහ දැරුවත් නුරායා නින්දෙන්ම හඩමින් සිටියා. "අනේ... මා....ව මරන්න එපා..... මට... ජීවත්වෙන්න ඕනේ.... අපි.. මැරි කරන්නනේ ඉන්නේ... අනේ.... එපා...... ප්ලීස්...." රදීෂ් නුරායාව ඇහැරවන්නට උත්සාහ කලත් ඇය නම් හිටියේ සිහියෙන් නොවේ.

"නූ... නූ... නැගිටින්න... කෝ.. නැගිටින්න...." මෙවර ඔහු ඇයගේ කොපුල්වලට තරමක් තදින් තට්ටු දමමින් කතා කලෙන් නුරායා හඬමින්ම දෙනෙත් විවර කලා.

"අනේ මාව මරන්න එපා..... ප්ලීස්...." එක්වරම රදීෂ්ගේ පපුවෙම හිස ගසාගෙන නුරායා හඩා වැටුනේ ඉකි ගසමිනි.

"නූ... මොකද මේ?" රදීෂ් විමසුවේ ඇය වටා දෑත් යවමිනි.

"අනේ.... මා..ව.. මරන්න එපා..හ්.. මට ඔයා.. ළඟින් ම ඉන්න ඕනේ... මං... මං.. ඔයා..ට ආදරේ...යි.." ඉකි ගසමින්ම ඈ මුමුණද්දී රදීෂ් හිමින් සීරුවේ ඒ ඇවිස්සී ඇති කපුටු කූඩයක් මෙන් හිසකෙස් පිරිමැද සකසන්න වූවා.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now