147

33 6 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
147

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

රෝහල් ගවුමින්ම, තම වෙව්ලන දෙපා රෝහල් භූමියේ කොරිඩෝ මතින් තබමින් නුරායා ඇවිදගෙන ගියේ, එක් ඉසව්වක් කරාය. නිමේෂ් ඇයගේ පසුපසින්ම පැමිණියේ ඇයට මංපෙත් පවසමිනි.

නුරායාගේ දෙපා නතර වූයේ රතුපාටින් දිලිසුණ “ICU” පුවරුව ඉදිරියේ ය.

දැඩි සත්කාර ඒකකයේ දොරටුව අබියස සිටියවුන්ගේ රූ දැකිමෙන් නුරායා තිගැස්සෙන්නට විය. ඈ කෙමෙන් කෙමෙන් පා තැබුවේ දැඩි සත්කාර ඒකකයේ දොරටුව අබියසටයි. දොරටුවටම ඇලී මෙන් හේත්තු වී සිටියේ සේපාලිකායි. අරවින්ද ඇයගේ හිස පිරිමදිමින් ඈ සමීපයටම වී සිටී අතර, නිරාශා තනිව හඬමින් මධුමිතා හට තුරුළු වී යි සිටියේ.

ජනිත් දැඩි සත්කාර ඒකකයේ සිටින්නේ ඇයි කියා නුරායාට කිසිදු අදහසක් තිබුණේ නැත. නිමේෂ්ගෙන් විමසුවත් ඔහු පිළිතුරු දීමට අකැමැති විය.

නමුත් එක්වරම නුරායාගේ සේයාව දුටු සේපාලිකා දොරටුවෙන් මෑත් වූයේ හීයක් ලෙසිනි.

“තමුසේ…. තමුසේ මොකටද ආවේ ආහ්?” සේපාලිකා එක්වරම නුරායා වෙතට වේගයෙන් ඇවිදගෙන ආවේ යක්ෂාවේශ වී යි. අරවින්දටවත් නොහැකි වූවා ඇයව නතර කරන්නට. “තවම මැරුණේ නැද්ද බලන්න ද ආවේ ආහ්?”

කෑ ගසාගෙනම නුරායා වෙතට ළඟා වූ සේපාලිකා එක්වරම ඇයගේ කොපුලකට පහරක් ගැසුවෙන්, හිටගෙන සිටීමටවත් සවියක් නොවූ නුරායා ඉන් බිම වැටීමට ගියා. නමුත් නිමේෂ් ඉක්මනින්ම ඇයව අල්ලාගත්තේ නුරායා හට බිමට වැටීමට ඉඩ නොදෙමිනි.

සේපාලිකාගේ පිටුපසින් දිව ආ අරවින්ද සේපාලිකාගේ දෑත් පිටුපසට කර ඇයව බදාගෙන තම ගතට සිරකරගත්තේ, උස මහත තරුණියක් වූ සේපාලිකාව මෙල්ල කිරීම අපහසු වූ නිසාවෙනි. මෙතරම් වේලාවක් හඬමින් සිටී නිරාශාත් අරවින්ද වෙතට දිව ආවේ, සේපාලිකාව පාලනය කිරීම ඔහුට තනිව අපහසු බැවිනි. සේපාලිකා ඒ තරමටම උමතුවෙන් මෙන් වෛරයෙන් ඇවිලී සිටියේ.

“තමුසෙයි… තමුසෙගේ ජරා මිනිහයි නිසා තමයි.. මේ ඔක්කොම… ඇයි තමුසෙලා මැරිලා ගියේ නැත්තේ?” නුරායා සේපාලිකා දෙස බලාගෙන හඬා වැටුනේ තවමත් ඇයව නිමේෂ් අල්ලාගෙන සිටිද්දීයි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now