114

45 8 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
114

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

නුරායා තම උකුළු පරිගණකයත් රැගෙන බිමින්ම අසුන්ගෙන පරිගණකය ස්ටූලය මත තියාගත්තේ හදිසි උනන්දුවෙනි..

ඉක්මනින්ම අන්තර්ජාලයට පිවිසුණු නුරායා වේගයෙන් ටයිප් කළේ තම සිතට නැගුණු පලවෙනි සිතිවිල්ලයි.

"my boyfriend behave like two different people"
(මගේ පෙම්වතා පුද්ගලයින් දෙදෙනෙකු මෙන් හැසිරේ)

ගූගල් සෙවීම වේගයෙන් කැරකී නුරායාගේ ප්‍රශ්නයට පිළිතුරු වූ වෙබ් උදව් මත නැවතින.

"People also ask

Does my boyfriend have split personality?

Symptoms of DID

The primary symptom of DID is having two or more distinct personality states. These different personality states– the alters– may appear at different times, and may or may not be aware of each other. Other symptoms of DID include: Memory loss and lapses in forming new memories."

(මිනිස්සු තවත් අහනවා

මගේ පෙම්වතාට බෙදී ගිය පෞරුෂයක් තිබේද?

DID වල රෝග ලක්ෂණ

DID හි මූලික රෝග ලක්ෂණය වන්නේ එකිනෙකට වෙනස් පෞරුෂ තත්වයන් දෙකක් හෝ වැඩි ගණනක් තිබීමයි. මෙම විවිධ පෞරුෂ තත්වයන් - වෙනස් කිරීම් - විවිධ කාලවලදී දිස් විය හැකි අතර, එකිනෙකා නොදැන හෝ නොදැන සිටිය හැක. DID හි අනෙකුත් රෝග ලක්ෂණ ඇතුළත් වේ: මතකය නැතිවීම සහ නව මතකයන් සෑදීමේ අඩුවීම්.)

"මේ ඩීඅයිඩී කියන්නේ මොකක්ද?" නුරායා තමන්ගෙන්ම විමසගත්තේ මොහොතක් කල්පනා කරමිනි. ඉතිං නැවතත් ගූගල් සහය පැතීමට ඇයට සිදුවූවා.

"meaning of DID disorder"

ඇය නැවත වතාවක් ගූගල් සෙවුම් යෙදවුම භාවිතා කරමින් වෙහෙසුනා.

"Dissociative Identity Disorder - DID"

නුරායා ඊට පහලින් වූ වෙබ් අඩවියට ඇතුළු වූයේ කුතුහලයෙනි. ඒ සමඟම රදීෂ් තවම නින්දේ පසුවන බව ද ඇය තම නිදන කාමරයට හිස පොවා තහවුරු කරගත්තා.

නැවත වතාවක් තම අධ්‍යනය සදහා උකුළු පරිගණකය වෙතට අවධානය ලබා දුන් නුරායා තවත් පැය බාගයක පමණ කාලයක් ගත කළේ කරුණු එක්රැස් කිරීමටයි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now