138

34 6 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
138

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"රදීෂ්? ආ යූ ෂුවර්?" නිමේෂ් විමසුවේ නුරායා දෙස ද බලමිනි. ඈ මළානිකව ඇති අයුරින් නිමේෂ්ට සිතාගත හැකිවූවා ප්‍රශ්නය කුමක් වුවත් එය තවදුරටත් දුරදිග ගොස් ඇති බව.

"අ'ම් ෂුවර්.. ප්ලීස් ඔයාලාට පුළුවන් ද සාක්ෂි විදිහට සයින් කරන්න?" රදීෂ් විමසුවේ නිමේෂ්ගෙන් පමණක් නොවේ, මධුමිතාගෙනුත් ය. මධුමිතා සහ නිමේෂ් මුහුණින් මුහුණ බලාගත්තත් නිමේෂ් ඉක්මනින්ම කතා කිරීමට පටන්ගත්තා.

"නුරායා, මොකද කියන්නේ?" නිමේෂ් නුරායාගේ දෙනෙත් දෙසම බලා විමසුවේ ඇයගේ තීරණය විමසන්නටය. නමුත් ඇයගේ වතෙහි වූයේ හැඟීම් දැනීම් රහිත බැල්මක් පමණි.

"එයා අකැමතිවුණත් දැන් මේක කරන්නම ඕනේ.. ප්ලීස්..." රදීෂ් නැවතත් එලෙසින් පැවසුවත් නුරායාගෙන් ප්‍රතිචාරයක් නොවූවා.

"ඕකේ! එහෙනම්.. මම ඒ දේවල් ලෑස්ති කරන්නම්.. අනික් අයට කියනවද?" නිමේෂ් විමසුවත් රදීෂ් දෑතට හිස වැනුවේ 'නැහැ' කියන්නටය. "පස්සේ පාටි එකක් දෙනවා.." ඔහුගේ තීරණය එලෙස අවසන් තීරණය විය.

。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。

නුරායා දෙනෙතින් කඳුළු වැටෙද්දී බලා සිටියේ තම මුදු ඇඟිල්ල දෙසයි. ඉතිං අද ඒ ඇඟිල්ල සැරසී තිබුණේ අලංකාර මඟුල් මුදුවකිනි. නමුත් පෙර තිබූ සතුට, උනන්දුව ඈ සතුව නැත.

"නුරායා... ප්ලීස්... මම දන්නවා මේ වෙලාවේ ඔයාට මම කියන දේ අහන්න ඕනේ නැතුව ඇති.. ඒත්.., ඔයාලා දැන් මැරීඩ්.. ඔයාලා හදිසියේම මැරි කළේ ඇයි කියලා මම අහන්නේ නෑ. ඒක ඔයාලා දෙන්නාගේ ප්‍රයිවට් දෙයක්නේ.. ඒත් ඔයා ඇයි ඔහොම ඉන්නේ කියලා නම් මට අහන්න වෙනවා. සොරි මම එදා ඔයාට කෑ ගැහුව එකට ඔයාගේ හිත රිදිලා නම් ඉන්නේ..." මධුමිතා තවත් යමක් කීමට ගියත් නුරායා හිස සලා ඈ දෙස බැලුවෙන් ඈ නිහඩවූවා. "ඉට්ස් ඕකේ අක්කේ... ඔයා.. කෑම හදන ගමන් නේද හිටියේ? මමත් උදව් කරන්නද?" නුරායා විමසුවේ මධුමිතාට පිටුපසින් තරමක් ඈතින් සිටී රදීෂ් දෙසට ද වරක් තම බැල්මක් හෙලමිනි. නමුත් ඔහු සිටියේ තදබල කල්පනාවක නිසා ඇයව දුටුවාදැයිත් සැකය. නුරායාගේ සහ රදීෂ්ගේ හදිසි විවාහය වෙනුවෙන් සංග්‍රහයක් සූදානම් කිරීමට මධුමිතා මෙන්ම නිමේෂ් උත්සුක වූයේ ඔවුන් දෙදෙනාම මෙය සැමරීමක් නොකරන බවක් පෙනෙන්නට වූ නිසාවෙනි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now