122

61 9 6
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
122

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

කරදරකාරී මහා සංගීත ඝෝෂාව අතරේ නුරායා සිටියේ කඳුළු පුරවාගත් දෙනෙත් අතරින් ඔහු දෙස බලානයි. ඒ සමඟින්ම ආවර්ජනය වූයේ මීට පැය කීපයකට පමණ ප්‍රථම ඔහු පැවසූ වදන් ය.

.

.

.

*පැය කීපයකට පෙර*

"කොහෙද මේ යන්නේ? තමුසේ කොහෙද මාව එක්කගෙන යන්න හදන්නේ?" නුරායා විමසුවේ නදීෂ්ව තම සිරුරින් ඈතට තල්ලු කරමිනි. ඇයව මරන්නට තරම් කෝපයක් පැමිණියත් නදීෂ් ඉවසා සිටියේ කෙසේදැයි ඔහුවත් නොදනී.

"කිව්ව විදිහට ලෑස්ති වෙයන් බැ-ලි ප්‍රශ්න අහන්නැතුව. තොට කරන්න පුළුවන් මං කියන දේ විතරයි! අන්න ඒක මතක තියාගනින් පණ්ඩිත වෙන්නැතුව!" නුරායාගේ ගෙල මිරිකාගෙන නදීෂ් කෑ ගැසුවේ ඇයව තිගස්සවමිනි. ඒ නදීෂ් වුවත්, රදීෂ්ගේ සිරුරයි. ඉතිං ඔහු මෙලෙස සැර වැර වෙද්දී ඇයට රිදෙන බව අසන්නටත් දෙයක් ද?

"ප්ලීස් නදීෂ්... ඔයාට පිං සිද්ධ වෙයි.. අපේ ජීවිත වලින් යන්න දෙයියනේ.. අපිට සතුටින් ජීවත්වෙන්න දෙන්න නදීෂ්..." ඈ කඳුළු සලමින්ම නදීෂ්ට පැවසුවේ තම ගෙල මිරිකාගෙන සිටින ඔහුගේ දෙඅත් අල්ලාගනිමිනි.

"යන්න? මම නෙවේ.. උඹයි යන්න ඕනේ.. රදීෂ්ව දාලා.  රදීෂ් එක්ක ඉන්නේ මම විතරයි.. මේ මම විතරයි.. තෝත් එකයි , අනික් උන් ඔක්කොමත් එකයි. ඌව විනාස කරන්න ආව හැ ත් ත.. තොට මං ආයේ කියන්නෑ රායා! තෝ.. රදීෂ්ව දාලා යන්න ඕනේ!!!"

"යන්නෑ මම! යන්නෙම නෑ! කවදාවත් යන්නේ නෑ! තමුසේ මට මොන දේ කළත් මම යන්නෑ!!!" ඈ පැවසුවේ ස්ථීර වූ හඬකිනි.

"එහෙමද? එහෙනම් විදවපන්! දැන් ගිහින් ලෑස්ති වෙයන් මම කිව්ව ඇඳුමත් ඇඳගෙන ම" ඔහු ඇයව පසුපසට තල්ලු කර දැමුවේ නුරායා ගොස් බිත්තියේ වදිද්දීයි.

"බෑ! මම ඒක අඳින්නේ නෑ! තමුසේ කොහෙද මාව එක්කගෙන යන්න හදන්නේ කියනවා!!!" නුරායා නැවත වතාවක් ගිරිය කඩාගෙන කෑ ගැසුවත්, ඇයගේ කොපුලකට නදීෂ්ගේ අතක් පියාඹා ආවේ නදීෂ්ගේ කෝපය පාලනය කරගත නොහැකිවයි. "හොඳට දැනගනින් බැ-ලි උඹ දඟලන්න දඟලන්න රදීෂ්ට විඳවන්න වෙන බව.. උඹ ආවේ නැත්නම් මම මූට හොඳ වැඩක් කරනවා.. උඹ දන්නවානේ රදීෂ් කියන්නේ විඳවලා පුරුදු නැති එකෙක් කියලා.. ඌට ගොඩාආක් රිදෙයි.. ඒකත් උඹ හින්දා.. ඒ නිසා.. දැන් ගිහින් හොඳ කික්කි වගේ ලෑස්තිවෙයන්. මොකද ඊළඟ පාර මම මෙච්චර හොඳින් කියන්නේ නෑ.. මම කියන විදිහ උඹට දරාගන්න බැරිවෙයි. දැන් ඉතිං පලයන් යන්න මෙතනින්!" නුරායාගේ කොපුලකට අතින් තට්ටුවක් දමා නදීෂ් පැවසුවෙන් ඇය ඔහු දෙස බලා සිටියේ දත්මිටි කමිනි. මීළඟට වචනයකුදු නොපවසා නුරායා කාමරයට පිටවී දොරත් කැඩී යන තරම් වේගයෙන් වසා දැමුවේ නදීෂ් සිනාසෙද්දීයි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now