110

54 7 2
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
110

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

නුරායා මීළඟ දින උදෑසනින්ම සූදානම් වූවේ අතිශයින්ම වැදගත් පුද්ගලයෙකු හමුවට යාමටයි. ඒ රදීෂ්ව පෙරදී පරීක්ෂා කළ මනෝවෛද්‍යවරයායි. ඔහු හමුවී මේ සියල්ලම පවසා ක්‍රියාත්මක වීම සියල්ලටම ප්‍රථම කළ යුතු දේ යැයි ඇයගේ මනසට ආවේ පෙරදින රාත්‍රියේ නිදි නොලබා කල්පනා කරද්දීයි.

"කොහෙද යන්නේ?" රදීෂ් විමසුවේ නුරායාගෙනි.

නුරායා හිස හරවා ඔහු දෙස බැලුවේ ඒ ඔහුම ද කියා තහවුරු කරගැනීමටයි. නමුත් ඒ නිවුණු දෙනෙත් කියා පෑවේ ඒ සිටින්නේ රදීෂ් බවයි.

"අ.. මේ.. ගෙදර ගිහින් එන්නම්.. මම... මේ..  ලොකු අම්මාව ගොඩ කාලෙකින් දැක්කෙත් නැහැනේ.." නුරායා මිමිණුවේ තම පාවහන් පැළඳගනිමිනි.

"ගෙදර? මට කිව්වෙවත් නෑනේ.. ඉතිං මාත් එන්නම්.." රදීෂ් තම අසුනින් නැගිට ඇය අසලට පැමිණියේ එසේ පවසමිනි.

"ඔයා? එපා එපා....!! ඔයා ආවොත් ප්‍රශ්නයක් වෙයිනේ... ලොකු අම්මා... ලොකු අම්මා... කැමති නෑනේ.. මං එහෙනම් ගිහින් එන්නම් දීෂ්.." නුරායා ඉක්මනින්ම සැරසුනේ දොරටුව විවර කිරීමටයි. නමුත් එක්වරම ඇයව අල්ලාගත් රදීෂ්, නුරායාව දොරටුවට හේත්තු කරගෙන ඇයගේ ඉණ වටා දෑත් යැව්වේ ඈ දෙසටම දෙනෙත් තබාගෙනයි.

"දී...ඊ...ෂ්.. මට පරක්කු වෙ..." නමුත් ඇයට තම වදන සම්පූර්ණ කිරීමටවත් ඉඩ ලබා නොදෙමින් එක්වරම රදීෂ් ඇයගේ දෙතොල් ඩැහැගත්තේ අතිශය හදිසියෙනි. නුරායා එක්වරම පුදුමයෙන් දෙනෙත් විසල් කරගෙන ඔහු දෙස බලා සිටියත්, ඊලග මොහොතේම ඒ දෙනෙත් පියවුණේ ඒ හාදුව අතිශයින්ම රෞද්‍ර වූ නිසයි.

මොහොතක් ඈ අපහසුවෙන් වුවත් එම හාදුව විඳගත්තත්, ඊළග මොහොතේම ඇයට දැනුනේ තම ඉණ වටා දිව යන නුහුරු දෑත් ය. ඒ නම් ඔහු නොවේ යන වග ඈ වටහාගත්තේ ඒ දෑත්වල රිද්මයෙන්මය.

නුරායා එක්වරම තමා ඉදිරියේ සිටී පුද්ගලයාගේ පපුවට දෑත් තබා ඉවතට තල්ලු කළේ දෙනෙත්වලට කඳුළු එක්වද්දීය.

"නදී...ෂ්.. තමුසේ...." ඈ උස්හඩින් කෑ ගසද්දී නදීෂ්ගේ වතෙහි ඇදුනේ සරදම් සිනාවකි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Место, где живут истории. Откройте их для себя