151

38 6 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
151

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"Your Honor, අධිකරණ වෛද්‍යවාර්ථාව අපිට ලැබිලා තියෙනවා. වාර්ථාව තහවුරු කිරීමේ සාක්ෂි ලබාදෙන්න ඩොක්ටර් ජෝර්ජ් සෙබස්තියන්ව කැඳවන්න මම අවසර ඉල්ලනවා" නිමේෂ් අවසර ඉල්ලුවේ විනිසුරුවරයාගෙනි. ඒ දෙවන නඩු දිනය විය.

"අවසර ලැබෙනවා"

ඒ අවසරයෙන් සාක්ෂී කූඩුවට නැගුණේ අධිකරණ වෛද්‍ය ජෝර්ජ් සෙබස්තියනුයි.

"සත්‍යය පමණක් පවසමි"

දිව්රුමෙන් අනතුරුව නිමේෂ් තම අසුනින් නැගී සිටියේ තම අවස්ථාව වෙනුවෙනි.

"ඩොක්ටර් ජෝර්ජ්, අපිට කියන්න පුළුවන් ද මේ විත්තිකාර මහත්මයා ගැන විස්තර ටිකක්? සති දෙකක කාලය තුළ මොනාද ඔබතුමන්ලට පුළුවන් වුණේ හොයාගන්න?" නිමේෂ්ගේ පැනයෙන් අනතුරුව තම උඟුර පෑදූ වෛද්‍යවරයා සූදානම් වූයේ දිගු විස්තරයක් ලබා දීමටයි.

“මිස්ටර් රදීෂ්ව අපි බොහෝම පරීස්සමට පරීක්ෂා කරලා බැලුවා ස්වාමීනි. ලබාගත්ත දත්තවලින් අපිට රෝග විනිශ්චය විදිහට Dissociative Identity Disorder එක අපි නම් කරනවා!” වෛද්‍යවරයා බැරෑරුම් හඩින් පවසද්දී නිමේෂ් බර සුසුමක් හෙළූවේ ඊළඟ ප්‍රශ්නය ඇසීමටයි.

“ඩොක්ටර්, මොකක්ද මේ Dissociative Identity Disorder කියන්නේ? කරුණාකරලා ඒ පිළිබඳව සරල පහසු විස්තරයක් ගරු උසාවියට ලබාදෙන්න” නිමේෂ්ගේ පැනයෙන් අනතුරුව වෛද්‍යවරයා නැවත වතාවක් කතාව ආරම්භ කළා.

“Basically මේ ලෙඩේදී සිද්ධවෙන්නේ ඔයාගේ ඇඟ ඇතුළේ ඔයා නොදන්න තවත් මනුස්සයෙක් ජීවත්වෙන එක. හැබැයි, තවත් මනුස්සයෙක් කිව්වට ඒ කොයි මොහොතක හරි ඔයාගේ හැඟීම් පුපුරලා ගියපු මොහොතක බිහිවුණු තවත් චරිතයක්. මේ ලෙඩේ හැදෙන්නේ බොහෝවිට දරුවෙක් කුඩා කාලයේ දි මයි. කුඩා කාලයේ ෆිසිකල් සහ සෙක්ෂුඅලි හැරේස්මන්ට් වුණ දරුවන්ට එහෙමත් නැත්නම් ගොඩක් කම්පනකාරී සිදුවීම්වලට මුහුණදෙන්න සිද්ධවුණ දරුවන්ට මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. කොහොමවුණත් ජනගහනයෙන් සීයට එකක් (1%) තරම් ගොඩක් අඩු ප්‍රතිශතයකට තමයි මේ තත්ත්වය ඇතිවෙන්නේ”

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now