127

47 8 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
127 

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

නුරායා සිටියේ උදෑසන පටන් හෙම්බත්වය. සාගර මහතාගේ බැනුම් වලද ඉවරයක් නැත. විටෙක ඔහුත් සාධාරණය. ඔහු මේ දින කීපය පුරාම පැවරූ එකදු රාජකාරියක් හෝ හරි හැටි කරගැනීමට නුරායා හට නොහැකි විය. ඇයගේ මනසෙහි ඒකාග්‍රතාවය වැනසී තිබුණේ නදීෂ් නිසාවෙනි.

"හරි මහන්සියි නූ... බොන්න මොනාහරි දෙනවද?" නිවසට ආ විගස රදීෂ් තම ටයිපටිය බුරුල් කරමින් මිමිණුවෙන් නුරායා යාන්ත්‍රානුසාරයෙන්ම ඇදුනේ මුළුතැන්ගෙය වෙතටයි. රදීෂ් නම් ටයි පටිය ගලවා දමා සෝෆාවට වැටුනේ අතිශය මහන්සියෙනි. ඔහුගේ ගතට දැනෙන මහන්සියේ තරම විස්තර කිරීමට නොහැකිය. පෙරදීත් අතිශයින්ම මහන්සියක් දැනුනත් දැන් දිනෙන් දින ඒ ගතිය වැඩිවෙමින් පවතී. එමෙන්ම මේ හිස පුපුරන තරම්ම රිදවන හිසේ කැක්කුම. රදීෂ් තම නළල දෑඟිලිවලින් තද කරගත්තේ තම වේදනාව ඉවසාගත නොහැකි තැනයි.  නුරායා සීත බීම වීදුරු දෙකක් රැගෙන ඔහු සමීපයට ආවේ ඒ සමඟමයි.

නමුත් ඇයගේ වත මැළවී තිබුණි. එමෙන්ම ඇය සිටියේ තදබල කල්පනාවකයි. තමන් කෙතරම් නම් වේදනාවක සිටියත් රදීෂ් ඇයගේ වෙනස් බව හොඳින් නිරීක්ෂණය කළා.

"නූ.. මොකද වෙලා තියෙන්නේ ම්ම්? ඔයා හොඳින් ද?" ඉතිං මේ ඇය  බලාපොරොත්තුවෙන් සිටී වදන් නොවේද?

ඒ තරම් ආදරණීය ආමන්ත්‍රණයකට හැකි වූවා නුරායා මෙතරම් වේලාවක් සිරකරගෙන සිටී කඳුළුකැට නිදහස් කර හරින්නට.

"නූ... මොකද වුණේ මැණික? ඇයි මේ අඬන්නේ?" රදීෂ් විමසුවේ දෙපාරක් නොසිතා ඇයව තම පපුවට තුරුළු කරගෙනයි. නමුත් ඇයගේ හැඬීම තව තවත් වැඩි වූවා මිස අඩු වූවක් වූයේ නැත. "නූ... මොකක්ද ප්‍රශ්නේ කියන්න නූ... ඔයා ඔහොම මුකුත් නොකියා අඬද්දී මට හිතාගන්න බැහැනේ මැණික..." රදීෂ් නැවතත් මිමිණුවේ නුරායාගේ හිස පිරිමදිමිනි.

"මට... දැන් ඇති වගේ.. මේ හැමදේම..." නුරායා පවසාගත්තේ තමන්ටම වුවත්, රදීෂ්ට ද ඒ සියල්ලම හොඳින් ඇසුනා.

"මොනාද නූ ඇති? ම්ම්..?" නුරායාගෙන් රදීෂ් විමසද්දී ඇයගේ සිහියට පැමිණියේ අන් කිසිවෙකුත් නොවෙයි නදීෂ් ය. ඉතිං තවත් ඔහුගේ මේ හිරිහැරවලට මුහුණ දීමට ඇයට හයියක් නොමැත. තම හදවතෙහි රදීෂ් වෙනුවෙන් ඇති අහසක් තරම් වූ ආදරය නිසාවෙන් මිසක ඈ කෙඳිනකවත් මෙවන් වේදනාවක් ඉවසා නොසිටිනු ඇත. ඉතිං ඈ සිටින්නේ හෙම්බත්වය.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now