120

84 11 13
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
120

*පාන්දර 02:18 යි වෙලාව 🤧*

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

නදීෂ් තම දෙනෙත් විවර කළේ සිහින් සිනාවක් ද සමඟිනි. අද දින කයිසරයෙහි ඉතා වැදගත් රැස්වීමක් රදීෂ් හැසිරවිය යුතුව තිබුණු අතර, ඒ සඳහා රදීෂ්ට වඩා තමා වඩාත් ගැලපෙන බව ඔහු තීරණය කර තිබුණා. එනිසයි රැස්වීමට මිනිත්තු පහක් පමණ තිබෙන මොහොතේ රදීෂ්ව තද නින්දකට යවා නදීෂ් ඔහුගේ සිරුරේ පාලනය අතට ගත්තේ.

"බයවෙන්න එපා රදීෂ්... මම ඔයාට හොඳම දේ තමයි කරන්නේ.. ඔන්න බලන්නකෝ මේ කන්ට්‍රැක්ට් එක අපිට අරගෙන නෙවේ ද මම පස්ස බලන්නේ කියලා.." නදීෂ් තමාටම මුමුණමින් සිනාසුණේ තම දකුණු අතින් පපුව පිරිමදිමිනි.

"සර්.., මීටින් එකට හැමදේම හරි.." කුටිය වෙතට පැමිණි අචින්ත පැවසුවේ කලබලයෙනි. "Okay, One second..!" එලෙස පැවසූ නදීෂ්, රදීෂ්ගේ ලාච්චුවෙන් පිටතට ගත් සුවඳ විලවුන් බෝතලයක් ගෙන තම ගතෙහි තවරාගත්තේ, අචින්ත නම් තරුණයා මුවත් අයාගෙන ඔහු දෙස බලා සිටිද්දීයි.

"Eliztel වල owner ගෙ දුවව අල්ලාගත්තා නම් වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. හහ්.. බලමුකෝ.." නදීෂ් තමාටම එලෙස පවසා ගත්තේ තනිව සිනාසෙමිනි.

"සර්.. ඔහොමද යන්නේ?" අචින්ත විමසුවේ නදීෂ් කුටියෙන් පිටතට පැමිණෙද්දීයි. නමුත් එක්වරම නදීෂ්ගේ වත මාරාන්තික වූයේ අචින්ත බලා සිටිද්දීමය. වචන නාස්තියට කැමති නැති නදීෂ් තම කෝපය රැවීමකට පමණක් සීමා කර ඉක්මන් ගමනින් රැස්වීම් ශාලාව වෙත ඇවිද ගියේ අචින්ත ෆයිල් කීපයක් සහ ලැප් ටොප් පරිගණකයක් ඔසවාගෙන ඔහු පසුපසින් පැමිණෙද්දීය.

"අයියේ... රදීෂ් අයියේ.... මේ... ඔහොම යන්න එපා බං මීටින් එකට.. අපිටත් එක්ක ලැජ්ජයි යකෝ..." එක්වරම කොහෙන්දෝ කඩා පැන්න ජනිත් රදීෂ්යැයි  සිතා නදීෂ්ගේ ඇඟට කඩා පැන්නෙන් නදීෂ්ගේ කෝපය තව තවත් ඉහවහා යන්නට විය.

"පැත්තකට වෙලා හිටපන්!! මගෙන් මැරුම් කන්නේ නැතුව!!" හැකි තරම් තමාව පාලනය කරගනිමින් නදීෂ් මොරගෑවේ, ජනිත් හට රදීෂ්ගේ කමිසය අතහැරී යද්දීයි. ඔහු හීනෙකින්වත් නොසිතුවා රදීෂ් තමාට මෙලෙස කතා කරයි කියලා. රිදවා ගත් සිතින් වුවත් ජනිත් ඉක්මනින්ම පිටව ගියේ තමා නොරිස්සු අචින්ත ඉදිරියේම රදීෂ් තමාව අපහසුතාවයට පත් කළ නිසාවෙනි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now