103

57 8 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
103.

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"බබා... අද අපිට යන්න ගමනක් තියෙනවා..." නුරායා නින්දෙන් පිබිදුනේ සවන්පතක් ළඟින්ම ඇසුණු හඩටයි. හුරුපුරුදු පර්ෆියුම් සුවඳත් එක්ක ඒ ඔහු බව අදුනගැනීමට එතරම් වේලාවක් ගත නොවීය. නමුත් ඈ එක්වරම නින්දෙන් පිබිදුනේ පෙර දිනක මතුවූ ඒ බයානක 'ඔහු' ව සිහිවී යි.

දෙනෙත් ඉදිරියේ සිහියේ උඩුකය නිරුවත්ව තුවායකින් පමණක් ගත වසා සිටී රදීෂුයි. නුරායාට ඉබේටම කෙලපිඩක් ගිලුණේ ඔහුගේ තවමත් යාන්තමට තෙත්ව ඇති හිසකෙස් මෙන්ම උඩුකය දැකීමෙන් උදේ පාන්දරම අවදි වූ හැඟීම් හේතුවෙනි.

"මොකෝ... මගේ වයිෆ්ට උදේ පාන්දර මාව දැක්කාම මොනාහරි ඕනේ වගේද?" ඔහු සරාගී සිනාවකින්ම විමසුවත් නුරායාගේ මතකයට නැවත වතාවක් එබිකම් කළේ ඒ බයානක ඔහුයි.

ඈ හිස දෑතට සෙලෙව්වේද තරමක භීතියකිනි. රදීෂ්ගේ තියුණු දෑස්වලට ද ඇයගේ වෙනස්කම් හොඳින්ම දර්ශනය වුවත්, ඔහුට අවැසි වූයේ අද දිනය වෙනුවෙන් ඇයව ඉක්මනටම සූදානම් කරවීමටයි.

"නූ... ඉක්මනට රෙඩි වෙනවද? අද මං ගෙදර යන්න කියලා හැදුවේ.." රදීෂ් පැවසුවේ සයනයෙන් නැගිට කැඩපත ඉදිරියේ සිටගෙන තම හිසකෙස් එහෙ මෙහෙ කරමිනුයි.

"ඔයාට බඩගිනියිද? මොනාහරි හදලා ඕනේ..ද? කලින් කතා කරන්න එපැයි.." නුරායා සෙමින් මිමිණුවෙන් ඔහු කැඩපතින්ම ඇයගේ ප්‍රතිබිම්බය දෙස බැලුවා.

"කෑම උයාගන්න නෙවෙයි ලමයෝ ඔයාව ඇහැරුවේ... අද නිවාඩු දවසනේ.. මාත් එක්ක ගෙදර ගිහින් එමු.. දැන් ඉතිං තාත්තාත් අපි ගැන දන්නවනේ..." ඔහු ඇසක් ඉඟිමරමින් පවසද්දී ඇයට දැනුනේ ලැජ්ජාවකි. ඈ රතුවී ගියේ එබැවිනි.

"ඒ වුණාට.. දැන් ම එහෙම එන එක හරි නෑනේ.." නුරායා මිමිණුවේ සාගර පිළිබදව ද කල්පනා කරමිනි. ඔහු තමන් පිළිබඳව මොනා සිතයි ද යන්න ඇයගේ සිත බිය ගැන්වූවා.

"අනේ.. මේ.. එහෙනම් ඉතිං ලමයෝ මැරි කරන්න කලින් එක ගෙදරක ඉන්න එකත් හරි නැහැනේ.. මේ අපි ඉන්නේ... ගිහින් රෙඩි වෙන්න බොරු හේතු කියන්නේ නැතුව නූ... බයි ද වේ.. ඔයා කැමති නැත්නම් මට ඔයාව එක්කගෙන යන්න ඕනේ නැහැ..." ඔහුගේ වතෙහි පැවති හැඟීම් ගොන්න වටහා ගැනීමට නුරායාට එතරම් වේලාවක් ගත වූයේ නැත.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now