137

34 6 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
137

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"Oh my god Raaya, මම මොකක්ද මේ තමුසෙට කළේ දෙයියනේ?" නදීෂ් මිමිණුවේ නුරායාගේ නළල් තලය පිරිමදිමිනි. ඈ සිටියේ නදීෂ්ගේ මහා හිරිහැරින් පීඩා විද තද නින්දකයි. ඈ හොඳින් බව පරීක්ෂා කරගත් නදීෂ් ද ඈ අසලින්ම වැතිරුණත්, දැන් දැන් ඔහුගේ සිතට දැනුනේ වරදකාරී හැඟීම්ම පමණකි. ඒ නුරායාගේ වතෙහි වූ තෙහෙට්ටුව සහ ඒ මුවින් නික්මුණ සිහින් කෙඳිරිය නිසාය.

"I'm sorry Raaya.. I didn't mean it! මම.. මට..හ් මොනා වුණාද දන්නෑ... මම හිටියේ පිස්සෙක්වෙලා වගේ... තමුසෙ රදීෂ්ව දාලා ගියා නම් මෙහෙම වෙන්නේ නෑනේ රායා..." නදීෂ් දිගටම ඇයගේ හිස පිරිමැද්දේ විවිධ දෑ මුමුණමිනි.

"තමුසෙ ගැන මට මාර දුකයි රායා.. මගේ මේ මගුලේ හාට් එක ගැහෙනවා.. මාව පිච්චෙනවා වගේ තමුසෙව මෙහෙම බලද්දී.. රායා... මම... මම.. හිතන්නේ.. මගේ මේ මගුලේ හාට් එක... ඒක තමුසෙට ආදරේ කරනවද කොහෙද... මම දැන් මොකද කරන්නේ රායා?"

。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。

රදීෂ් තම දෙනෙත් විවර කළේ අසීරුවෙනි. ඉතිං නැවත වතාවක් පෙරදී මෙන් හිස රිදුම් දෙන්නට වූයේ ක්ලාන්තය ඇති කරවන තරම්ය. සිරුරට දැනුනේ ද දුර්වල ගතියකි. නමුත් ඔහු සියලු වේදනා පසෙකලා දෙනෙත් විවර කර වටපිට බැලුවේ තමන් සිටින්නේ කොහිදැයි දැනගැනීමටය. බොහෝවිට මෙවැනි හිසේ රුදාවලින් පසුව ඔහු දෙනෙත් විවර කරද්දී ඔහු සිටියේ, තම මෝටර් රථය තුළ නන්නාදුනන පලාත් වලය. තමා පෙර හැඳ සිටී ඇදුම්වලින් ද නොවේ. ඉතිං අද දින රදීෂ්ගේ සිතට තරමක සහනයක් ගෙනාවේ තමා සිටින්නේ තම නිදන කුටිය තුළ බව වැටහුන නිසාය. ඔහු හිස හරවා බැලූවේ නුරායා දෙසයි. ඉතිං ඇයත් තමා සමීපයේම නිසා ඔහුට දැනුනේ සතුටකි. නමුත් එක්වරම රදීෂ් නුරායා දෙස මහත් ඕනෑකමින් බැලුවේ ඇයගේ දෙතොල් පුපුරා ගැලූ ලේ කැටි ගැසී තිබෙනවා දුටු නිසාය. එවිටයි ඔහු දුටුවේ ඇයගේ කොපුල් රතු වී ඇති ආකාරය. රදීෂ් ඇයගේ ගෙල වසා තිබූ පොරෝනය තරමක් පහත් කළේ කුතුහලයෙනි. ඇයගේ ගෙලෙහි තිබූ දත් සලකුණ දුටූ ඔහු මොහොතකට කම්පනයට පත්විය.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now