118

74 5 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
118

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"අයියේ.. මේක ඉස්සරහට අරන් යන්නකෝ..." නිරාශා අරවින්ද ඇමතුවේ සිසිල් බීම පිරවූ වීදුරු ට්‍රේකක් දක්වමිනි.

"අරන් එන්නකො ඉතිං... ඔයාම ඔහොම්මම"

"බෑ.. බරයි අනේ.. මගේ අතින් හැලෙයි.. එන්නකෝ ඔයා..." නිරාශා නැවත වතාවක් කෑ ගැසුවත්, අරවින්ද වෙනුවට පැමිණියේ සේපාලිකායි. ඔවුන් සියලු දෙනාම ඒ ඉරිදා දිනයේ රැස්ව සිටියේ අරවින්දගේ නිවසටයි. අරවින්දගේ නිවස මේ වනවිට නිරාශාගේ සහ ජනිත්ගේ රසමුසු නවාතැනක් බවට පත්ව තිබුණි.

"අනේ මන්දා අයියේ... බීම ට්‍රේකක්වත් උස්සගන්න පණ නැති අක්කා එක්ක තමුසේ මොකට යාළු වුණාද කියලා" සේපාලිකා බීම ට්‍රේකත් රැගෙන විසිත්ත කාමරයට පැමිණෙමිනි.

කැරම් බෝඩයක් ක්‍රීඩා කරමින් සිටී අරලියාත්, ජනිතුත්, අරවින්දටත් හිස ඔසවා සේපාලිකා දෙස බැලුවේ ඒ වදන්වලටය. සේපාලිකා ඒ වදන් විහිළුවට පැවසූවත්, මූණ ඇද කරගත් නිරාශා අරවින්ද අසලින් අසුන් ගත්තෙන් ඔහු සිනාසී ඈ දෙස බලා ඉඟි කළේ සේපාලිකාගේ වදන් ගණන් නොගන්නා ලෙසයි. නමුත් කටත් ඇද කරගත් නිරාශා අරවින්දගේ අතත් බඳාගෙන අරවින්දගේ උරෙන් හිස තියාගත්තේ කිසිවක් නොපවසායි. සේපාලිකාගේ දෙනෙත්වලට නම් එකතුවූයේ එසේ මෙසේ ඊර්ෂ්‍යාවක් නොවේ.

ඈ නිරාශාට රවාගෙනම බලා සිටින ආකාරය හසුවූයේ ජනිත්ගේ දෙනෙත්වලටය.

"ඔයාටත් එහෙම ඉන්න ඕන්නම් ලැජ්ජවෙන්න එපා ලොකූ... මම ඉන්නවා.." ජනිත් ඇයගේ කනට කර මිමිණුවෙන් සේපාලිකාගෙන් ඔහුටත් ලැබුණේ රැවීමකි. නමුත් ඒ සිතට දැනුනු අමුතුම කෝළ හැඟීම ගැන නම් දන්නේ ඇයම පමණී.

"ආ.. කෝ එන්න. සුදූ ගැහුවේ නෑනේ.. මගේ ටර්න් එක සුදූට දෙනවා මම.." නිරාශාගේ අත ගෙන කැරම් බෝඩයෙන් තබමින් අරවින්ද පැවසූ අතර සේපාලිකා තවත් ඇවිලුණි.

"කමක් නැද්ද අයියේ...?"

"ආයේ මොන කමක් ද? ඔයා මොකද, මං මොකද, ඔන්න ඕක ගහන්න නිරාශා කෝළම් නැතුව..." නිරාශා සිනාසී ක්‍රීඩා කිරීම ආරම්භ කළා.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now