146

38 7 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
146

*Short Ep 🙂🖤*

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

එකට ඇලවී තිබූ තම ඇස් පියන් තටු නුරායා විවර කළේ අපහසුවෙනි. බොඳ වූ දර්ශනයත් සමඟින්ම තමා අසල සිටින්නේ පිරිමි පුද්ගලයෙකු බව හදුනාගැනීමට ඇයට අපහසු නොවීය. ඉතිං “ඒ රදීෂ් වනවා නම්” නුරායාගේ සිතුනේ එලෙසයි. නමුත් ඇයගේ දෘෂ්ටිය පැහැදිලිවන්නට වන්නට ඇයට වැටහුනා ඒ ඔහු නොවන බව. හුස්මගැනීමේ පහසුව සඳහා ඇයට පළඳවා තිබූ ඔක්සිජන් පළදනාව ද ඉවත් කළ නුරායා වේගයෙන් ඇසි පිය හෙළූවේ තමා අසල වූ පුද්ගලයාව හඳුනාගැනීමටයි.

“නංගි… ඔයාට කොහොමද දැන්?” ඒ හඬින්ම නුරායා හඳුනාගත්තා ඔහුව.

ඒ වෙන කවුරුවත් නොවෙයි නිමේෂ් වූවා.

තවත් දෙතුන් වතාවක් ඇහිපිය සැලූ නුරායාට ඔහුගේ රුව හොඳින්ම පැහැදිලිවිය.

“හොඳින් අයියේ…” 

හිස සැලූ නිමේෂ් ඉක්මනින්ම වෛද්‍යවරයාව ඇමතුවේ නුරායාව පරීක්ෂා කිරීම උදෙසාය. නුරායාව පරීක්ෂා කරන ලද වෛද්‍යවරයා විවිධ තොරතුරු පැවසූ අතර, සමහරක් තොරතුරු නුරායාව මෙන්ම නිමේෂ්ව පුදුම කිරීමට සමත්විය. කෙසේනමුත් අවසන වෛද්‍යවරයා පිටත්ව ගිය නිසාවෙන් නුරායා මෙතෙක් වේලාවක් තම සිතෙහි සිරකරගෙන සිටී ප්‍රශ්නය නිමේෂ් වෙතට යොමුකරන්නට වූවා.

“රදීෂ්.. කෝ අයියේ..?” නුරායා විමසුවේ තම දුර්වලව ගිය හඬිනි.

“එයාව පොලීසියෙන් අරගෙන ගියා නුරායා..” නිමේෂ් පැවසුවේ සාවධාන හඬකිනි. ඔහු හොඳින්ම දන්නවා නුරායාට නම් මෙය දරාගැනීමට අපහසුබව. එනිසයි ඔහුට අවැසි වූයේ ඇයව සනසවන්නට.

“ඒත්.. ඒත්.. අයියේ… අනේ.. ඇයි පොලීසියෙන්.. පොලීසියෙ..න් අරගෙන.. ගියේ..? අනේ..අ.. අපි.. කතාවුණේ එහෙම .. නෙවෙයි..නේ.. අනේ.. අයියේ… ඇයි.. ඔයා.. එහෙ..ම කළේ...” කලබල වූ නුරායා උත්සාහ කළේ සයනයෙන් නැඟිටීමටයි.

“කලබලවෙන්න එපා නුරායා.. ඔයාට තාම හොඳත් නැහැනේ.. මේ අහන්න..සිද්ධවුණ දේවල්වලට පස්සේ නිරාශා නංගිලාගේ ගෙදරින් පොලීසියට කතා කළා.. අ’ම් සොරි.. මට ඒ වෙලාවේ ඒක නවත්තන්න බැරිවුණාට. බට්.. මම ගොඩක් ට්‍රයි කළා නංගි.. ඒත් අපි හිතනවට වඩා හැමදේම වෙනස් විදිහටනේ වුණේ” නිමේෂ් සියල්ලම පැහැදිලි කරන්නට ගියත් නුරායාට අවැසි වූයේ නැහැ මේ කිසිම දෙයක් අහන්නට. ඇයගේ සිතෙහි තෙරපුණේ රදීෂ් පිළිබඳව හැඟීම් පමණකි.

“අනේ.. අයියේ.. එයා..ට ඒ වගේ දේවල්.. දරාගන්න බෑ.. අනේ.. එයා ගොඩ..ක් අහිංසක..යි.. අනේ… මගේ ර..දීෂ්..” නුරායා තම පපුව අල්ලාගෙනම හඬන්නට වූයේ, ඒ තරමටම සිත රිදුම් දෙන්නට වූ නිසයි. ඔහුව රැකගැනීමටයි තමාට අවැසි වූයේ නමුත් සිදුව තිබුණේ හීනෙකින්වත් බලාපොරොත්තු නොවූ දෙයකි. ඔහු කෙසේ දරන්නට ඇති ද එය? අනේ ඉතිං නුරායාටත් දරාගත නොහැකි තැන.

“නුරායා නංගි.., මට හිතෙනවා.. ඔයා ජනිත්ව බැලුවොත් හොඳයි කියලා...” නිමේෂ් තරමක් පහත් හඬින් එලෙස පැවසුවෙන් නුරායා හිස ඔසවා නිමේෂ් දෙස බැලුවේ පුදුමයෙනි.

“ජනිත්?”

🖤⚡🌙⚡♥️

Copyright © 2024 by Apsara Kumarasinghe
['සඳට පෙම් බඳින්නම්' කතාවේ සියලුම අයිතිය කර්තෘ වන අප්සරා කුමාරසිංහ, එනම් මා සතු වේ. කතාවේ කිසිදු කොටසක්, කිසිදු අයුරකින් පිටපත් කිරීම තහනම්!]

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now