136

34 6 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
136

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

ගත වූ දින කීපයේම නදීෂ් පැමිණියේ නැත. රදීෂ්ගේ හිසෙහි රුදාවද තරමක් දුරට පහවී, ඔහුගේ තෙහෙට්ටු ව ද තරමක් අඩු වූ බවක් දක්නට ලැබිණි. ඉතිං නුරායා හට දැනුනේ සැනසීමකි. එනිසයි අවසන ඈ හට හයියක් ලැබුණේ උදව් ලබාගැනීම සඳහා.

"ප්ලීස් ඉක්මනට මට ඩොක්‍ටර් එදිරිමාන්නට කතා කරන්න ඕනේ" නුරායා ඇමතුවේ පෙරදී රදීෂ්ව පරීක්ෂා කළ වෛද්‍යවරයා හටයි. ඉතිං මේ මොහොතේ රදීෂ් නිවසේ නැත. ඉක්මනින්ම අමතා අදාල කරුණු සාකච්ඡා කිරීමයි ඇයට අවැසි වූයේ.

"පොඩ්ඩක් ඉන්න මිස්... ඩොක්ටර් දැන් සෙෂන් එකක ඉන්නේ. මම ඔයාව ඉක්මනටම දාන්නම්. ප්ලීස් වෙයිට්" නුරායා ගැහෙමින් සිටියේ කොයි මොහොතක හෝ රදීෂ්, නැත! නදීෂ් නිවසට පැමිණෙයි කියලා.

ඒ සමඟම නිවසේ ප්‍රධාන දුරකතනය නාදවන්නට ගත්තේ ඈව තිගස්සවමින්. තෙවරක්ම එය නාදවද්දී, ඈ පිලිතුරු ලබාදුන්නේ ඒ ඔහු නොවන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන්.

"හෙ.. හෙලෝ.." වෙව්ලන දෙතොල් අතරින් ඈ කතා කලේ දුරකතනය අනෙක්පසින් රදීෂ්ගේ හඬ හැර වෙන ඕනේ හඬක් බලාපොරොත්තු වෙමින්.

"හෙලොව් බේබි..."

"ර.. ර.. ර..ර්..ර්..රදීෂ්...?" ඇයගේ දෙනෙත්වල කඳුලු ඉබේම එකතුවුණේ සුසුම් ද වේගවත් වද්දීයි. ඉතිං මුවින් රදීෂ් යැ යි පැවසුවත් ඈ දන්නවා මේ නම් රදීෂ් නොව නදීෂ් බව.

"නො නො බේබි.. දිස් ඊස් නදීෂ්! යුවර් හැන්ඩ්සම් සෙක්සි බෝයි!" ඔහුගේ සිනාව දුරකතනය තුලින් ඇසෙන්නට ගත්තේ ඈ හඬමින්ම බිත්තියට හේත්තුවද්දීයි.

"අනේ.. අනේ.. ඔයාට.. ඔයාට මොනාද ඕනේ?" සුසුම් වැල් අතරින් ඈ වෙව්ලන දෙතොල් අතරින්ම විමසුවේ වේදනාවෙන් බිත්තියකට හේත්තුවෙමින්.

"ඕ...හ් ඩාලින්... මම හිතන්නේ ඔයා මේ දැන් ඩොක්‍ටර් එදිරිමාන්නට වෙන්නැති ඔය කෝල් එක ගත්තේ. කට් කරන්න බේබි ඒක" ඇයගේ හුස්මක් ඉහලට ගියේ ඉබේටමයි. ඈ බිත්තිය දිගේම පහලට කඩාගෙන වැටුනේ ඉකිගසමින්. ඉතිං ඒ කියන්නේ නිවසෙහි කැමරා පද්ධතියේ සජිවී රූප ඔහු කොහේහෝ සිට බලමින් සිටිනවා ඇත.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα