144

32 8 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
144

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

“සමහරවිට අනුලම්මේ මම උන්ව මරලා දැම්මොත්… එතකොට තාත්තා මට ආදරේ වෙයි නේද?” එක්වරම රදීෂ්ගේ හඩ වෙනස් වූයෙන් නුරායා මෙන්ම අනුලම්මා ද තිගැස්සී යන්නට විය.

රදීෂ්ගේ දෙනෙත්වල වූයේ උමතුවකි.

ඔව්, ඒ උමතුවට නමක් ඇත.

නදීෂ්!

නදීෂ්ගේ මුවෙහි සිනාවක් ඇදී තිබුණු අතර ඒ දෙනෙත් දිලිසෙන්නට විය.

“රදීෂ්ට රිද්දන්න මම දෙන්නේ නෑ කාටවත්ම අනුලම්මේ… මම විතරයි රදීෂ්ට ආදරේ කරන්නේ… උපත දුන්න තාත්තාත් මගේ රදීෂ්ට මෙහෙම කරද්දී, එක බඩවැල කඩාගෙන ආව සහෝදරියත් ඌට මෙහෙම කරද්දී මම කොහොමද අනුලම්මේ පිට මිනිස්සුන්ව විශ්වාස කරන්නේ? අද ඉදන් මම රදීෂ්ව රැකගන්නවා.. රැකගන්නවා කියන්නේ… මම මෙච්චරකල් හිටියා වගේ කටවහගෙන ඉන්නේ නෑ… මම රදීෂ් වෙනුවෙන් පෙනී සිටිනවා. රදීෂ්ට රිදවන උන්ව මරනවා මම! රදීෂ් අර ජරා මිනිහා සාගරට කොච්චර ආදරේද කියලා දන්නේ මම විතරයි..

දවසක මම රදීෂ්ට එයාගේ තාත්තාගේ ආදරේ දෙනවා.. කොහොමහරි..

රදීෂ්ට හැමදාම ඕනේවුණේ එයාගේ තාත්තාගේ ආදරය, රැකවරණය, ආරක්ෂාව.. මම දවසක එහෙම කරනවා..

ඒකට රදීෂ්ගේ තාත්තාගේ එහෙම නැත්නම් සාගරගේ හිතගන්න කාවවුණත් මරලා දාන්න මම පසුබට වෙන්නේ නෑ!! උන් ඔක්කොම මම මරනවා..

තාත්තේ!!!!

මේ ලෝකේ ඉන්න අන්තිම ළමයා මම වුණොත් ඔයා මට ආදරේ කරනවා නේද?

ඔයාට ආදරේ කරන්නම වෙනවා.. මම කොහොමහරි ඒක කරනවා!

රදීෂ් වෙනුවෙන් මට ඒක කරන්න පුළුවන්!!

රදීෂ්ගේ හදවතේ අඳුරු පැත්ත මම වෙන්න පුළුවන්, ඒත් මම රදීෂ්ගේ ජීවිතේට අඳුර වැටෙන්න දෙන්නේ නෑ!”

නදීෂ් උමතුවෙන් මෙන් එලෙස පවසා සිනාසෙද්දී, අසරණ අනුලම්මා ඔහු දෙස බලා සිටියේ කිසිවක් වටහාගත නොහැකිවයි.

නුරායා පිළිමයක් මෙන් බලා සිටියේ ඔහු දෙසයි.

එසේ නම් නදීෂ් මරා දමන්නේ රදීෂ් ආදරය කරන අය නොවේ! සාගර මහතා ආදරය කරන අයයි!

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now