149

38 6 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
149

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

“අයියේ.. මට රදීෂ්ව බලන්න ඕනේ අයියේ.. අනේ එයා කොහොම ඉන්නවද දන්නෑ...” නුරායා නිමේෂ්ගේ කාර්‍යාලයට හදිසියේම පැමිණ ඔහුට එලෙස පැවසුවේ, රදීෂ්ව බැලීමට පොලීසියට යාමට අවැසිවුවත්, ඔහු සිටින්නේ කොහෙද යන්නවත් නොදැන සිටී නිසයි. ඔහු අනිවාර්‍යයෙන්ම පොලිස් භාරයේ සිටිනවා විය යුතුය.

නිමේෂ්ගේ වතෙහි බැරෑරුම් ස්වරූපයක් දිස්වන්නට විය.

“අපිට හිතෙන හිතෙන දේවල් මෙතන කරන්න බෑ නුරායා. අනික අපි හිතුවෙම නැති දෙයක්නේ ජනිත්ට සිද්ධවුණේ. මට විශ්වාස කරන්නත් බැහැ ජනිත්ට මේ තරම්ම අමාරුයි කියන එක. එයාගේ හොස්පිටල් මාරු කළත්, ලෝකේ ඉන්න හොඳම ඩොක්ටර්ස්ලා ගෙනාවත් කිව්වේ එකම දේනේ.. ජනිත් කෝමා එකෙන් ඇහැරුණා නම් ඒකත් එකක්. ඊටත් වඩා ජනිත් කියන්නේ ඇමති කෙනෙක්ගේ පුතෙක් කියලා අපි කවුරුත් දැනගෙන හිටියෙවත් නැහැනේ. අනික නිකංම ඇමති කෙනෙක් නෙවෙයි ඒකත් ආරක්ෂක ඇමති!” නිමේෂ්ගේ වදන්වලින් නුරායා තම දෙතොල් තදින් සපාගත්තේ රදීෂ්ව සිහි කරමිනි. තමන්ගේ සැලසුම මෙලෙස වේයැයි ඔවුන් දෙදෙනාම සිතුවේ නැත.

“අනේ අයියේ… මට එයාව බලන්න ඕනේ අයියේ…” නුරායා නැවත වතාවක් අයදින්නට වූ අතර,නිමේෂ් ඈ දෙසම බලාන කල්පනා කළේ මීට කළ හැකි දෙයකි.

“නඩුව දවස වෙනකම් ඉවසලා ඉමු නුරායා. කොහොමත් නඩුවට රදීෂ්ව ඉදිරිපත් කරන්නම එපැයි” නිමේෂ්ගේ වදන්  පිළිගැනීමට නුරායා අකැමැති වුවත්, ඇයට වෙන කළ හැකි යමක් නොවූවා.

。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。

නඩු අංකය කතා කරද්දී, නුරායා කෙමෙන් කෙමෙන් නිමේෂ්ගේ පසුපසින් උසාවිය තුළට අඩි තැබූ අතර, අරවින්ද, නිරාශා, සේපාලිකා, මධුමිතා ද ඇතුළු ව ජනිත්ගේ නෑදෑ සාමාජිකයින් කීපදෙනෙක් ද, නිරාශාගේ පියා ද නඩුවට සහභාගී වී සිටියා. ජනිත්ගේ මව සහ සහෝදරයා රෝහලේ ඔහු වෙනුවෙන් සිටී බැවින් ජනිත්ගේ පියා පමණක් නඩු වාරය සඳහා ඔහුගේ පවුලින් සහභාගී ව සිටියා. නිරාශාගේ පියා නිරාශා දෙසට එකදු බැල්මක් හෝ හෙළූවේ නැත. ඈ කිහිපවරක්ම ඔහු සමඟ කතා කිරීමට උත්සාහ කළත්, එම උත්සාහයන් නිශ්ඵල විය. ඔහු සිටියේ නිරාශාව නොහදුනන්නෙක් ලෙසය. නුරායා අසුන්ගත්තේ නිමේෂ් ඇයට පෙන්වූ අසුන් පේළියේයි. තෝන්තුවෙන් මෙන් සිටී ඇයට යමෙකුගේ මඟ පෙන්වීමක් අවැසිවූවා, නැගීසිටීමටත්.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now