125

49 5 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
125

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

නිරාශා සිටියේ බියෙන් ගැහෙමිනි. ඒ තමා ඉදිරියේ වූ මිනිසා නිසාය. ඒ මෙළොවින් තමා අතිශයින්ම අප්‍රිය කළ මිනිසෙකි. ඒ මහේෂ් රණ්දෙනිය විය. කෙසේවත් ම නොසිතූ මොහොතක මහේෂ් රණ්දෙනිය මෙලෙස තමා ඉදිරිය ඇයගේ සිතෙහි තිබූ බිය තව තවත් වැඩි කරන්නට විය.

"නිරාශා.. ඕක මනමාලයට දෙන්න ගිහින්..." නිරාශාගේ මව නිරාශාගේ කනට කර එලෙස පවසද්දී ඈ දත්මිටි කමින් කෝපයෙන් ළං වූයේ රණ්දෙනිය වෙතටයි.

ඔහු අසලම අසුන්ගෙන සිටී තරුණයා නිරාශාගෙන් බීම වීදුරුව ලබා ගනිද්දී, කෑදර සිනාවකින් ඈ දෙස බලා සිටියේ අන් කවරෙකුත් නොව රණ්දෙනියයි. එනිසයි නිරාශා බියෙන් වෙව්ලන්නට වූයේ. ඔහු කවදත් නිරාශාගේ සිතෙහි ඇති කළේ භීතියකි. මේ මොහොතේ අරවින්දවත් තමා අසල සිටියා නම් කියා ඇයට සිතුනේ නිරායාසයෙනි.

"එහෙනම් ඉතිං.. දෙන්නට කතා කරගන්න දේවලුත් ඇතිනේ... නිරාශා... මේ අයියාවත් එක්කගෙන යන්නකෝ එලියට.." අන් කවරදාකටත් වඩා නිරාශාගේ අප්පච්චි ඇය හා මිතුරු විලාසයෙන් කතා කළේ පුදුමාකාර ආදරයකිනි. නිරාශා නම් ඔහු දෙස බලා සිටියේ අන් කවරදාකටත් වඩා කෝපයෙනි. අන් දිනවල අප්පච්චි කියන සෑම දේටම ඔළුව නවාගෙන, ගුටි කාගෙන සිටින නිරාශා නොවේ මේ. ඇයට දැනුනේ පුදුමාකාර කෝපයකි. එනිසයි ඈ අදාල මනමාල තරුණයාව ද නොසලකා හැර පිටතට ඇවිදගෙන ආවේ.

තරමක් වේලාවකට පසුව නිරාශාට පිටුපසින් යමෙක් සිටගන්නවා දැනුනෙන් ඈ දෑත් තම පපුවට කර බැඳගෙන සිටියේ තම කෝපය ඔහුගෙන් පිට කරන්නට මෙනි. නමුත් එක්වරම ඇයගේ නිතඹට එල්ලවුණු පහරත් එක්කම නිරාශා පිටුපස හැරී බැලුවේ දරාගත නොහැකි කෝපයෙනි. ඈ දෙස බලා සිටියේ කඩවසම් තරුණයෙකි.

"තමුසේ මාර පොඩියිනේ හලෝ... අතටවත් අහුවෙන්නේ නැති පස්සක්නේ තමුසෙට තියෙන්නේ.. තමුසේ ඕකෙන් කොහොම කොල්ලෙක් අල්ලගත්තද මන්දා... කොහෙද අපේ අංකල් ටත් තමුසෙගෙන් පළි ගන්නම ඕනේලුනේ. ඉතිං කෙල්ලේ... මට ආරංචියි තමුසෙගේ කොල්ලා එක්ක අංකල්ට කරලා තියෙන ඒවා.." එම තරුණයා නිරාශාගේ ඉදිරියට පැමිණියේ එලෙස පවසමින් සිනාසෙමිනි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now