✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 01✨️

7.3K 706 36
                                    

author P.O.V

"හයුන්ග් ඔයා මේ කොහෙද යන්නේ" ටේ එහෙම ඇහුවේ හෝසෙක්ගෙන්

"ටේ ඔයාට මතකද අද මං කෙනෙක්ව නැත්තටම නැතිකරන්න තියෙනවා කියලා මං එදා දවස් දෙකකට ඉස්සෙල්ලා ඔයාට කිව්වේ.." හෝසෙක් එහෙම  කියාගෙන ටේ ගාවට ඇවිත් ඉදගත්‍තා

Falsh back****
2 week ago

සුගාගේ බෙස්ටා තමයි හෝසෙක්. ඒත් සුගාට එයා බෙස්ටා උනාට හෝසෙකට නම් එයා ආදරේ කරන කෙනා තමයි සුගා...සුගා කියන්නේ එයාගේ පණ වගේ සුගා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.. එක දවසක් ක්ලබ් එකට සුගායි හෝසෙකුයි ගිහින් එන වෙලාවේ.. සුගාගේ කාර් එකේ කී එක එයා අමතක වෙලා ක්ලබ් එකේම දාලා ඇවිත් ඉතිං සුගා ඒක හෝසෙක්ට කියද්දි හොසෙක් සුගාව කාර් එක ගාව ඉන්න කියලා හොසෙක් ගියා කී එක අරං එන්න.. ඒ අතරේ,

"කොහෙද මනුස්සයෝ යන්නේ තමුන්ට ඇස් පේන්නේ නැද්ද හා.. ඇගේ හැප්පිලා සොරි කියන්නේ නැතුව යන්නේ" සුගා එහෙම කිව්වා..

"තමුන්ට බැරිද පැත්තකට වෙලා ඉන්න.. මං යන තැනම හිටන් ඉදලා දැන් එනවාද සොරි කියන්න ගගා" එහෙම කියපු ඒ මනුස්සයා සුගාට ගහන්න පැන්නා.. 

සුගාට ඒ වෙලාවේ මොකුත් කර ගන්න බැරි උනාඑයා හිටියේ හොදටම වෙරිමතේ එයා හොදටම drinks අරං හිටපු හින්දා සුගාට ගහපු මනුස්සයාට එක පාරක්වත් ගහගන්න සුගාට පණ තිබුනේ නෑ... එතන ඒ මනුස්සයා හැරෙන තව දෙතුන්දෙනෙක් හිටියා.. ඒ ගොල්ලෝ සුගාට නැගිටින්න බැරිවෙන්න ගැහැව්වා මදිවට කාර් එකේ කන්නාඩියත් කුඩු කරලා තමයි ගියේ..

හෝසෙක් එතනට එද්දි සුගා බිම වැටිලා ඉන්නවා දැකලා.. "සුගා මේ මොකක්ද උනේ අනේ ඔයාට හොදටම තුවාල වෙලා.. ලේ එන්නම ගහලා ඔයාට.. කවුද මේ වගේ දෙයක් කලේ කියනවා සුගා" එහෙම කියලා හෝසෙක් කෑගහන්න ගත්තා.. හෝසෙක්ට අමතකයි සුගාව හොස්පිටල් ගෙනියන්න ඕනේ කියලා.. හෝසෙක්ට තිබ්බේ එයාගේ සුගාට මේ වෙච්ච දේ ගැන හරිම කේන්තියක් අනික හෝසෙක් නැති වෙලාවේ මෙහෙම උන දේ ගැනත් හරිම කේන්තියි..

"හොබි...යෝ  ටි..කක් සං..සුන්.. වෙ..න්න..කෝ"

"අනේ ඔයාට මේ වගේ දෙයක් වෙලාත් මං කොහොමද සංසුන් වෙලා ඉන්නේ..." 'ඔයා දන්නේ නෑ සුගෝ මං ඔයාට කොච්චර ආදරේද කියලා ඔයා දන්නවා නම් මෙහෙම කියන්නේ නෑ.. ඔයාව මේ වගේ තත්තවයක දකිද්දි මගේ මුලු හිතම පිච්චිලා යනවා වගේ මට දැනෙන්නේ... අනේ ඇයි මේ මට ඔයාට ඒක කියන්නවත් බැරි මං කැමති නෑ ඔයාත් එක්ක තියන මේ යහලුකම නැතිවෙනවට...' හොබි ඒ ගැන කල්පනා කරන් සුගාගේ මුහුන දිහා බලන් අඩ අඩ හිටියා...

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now