.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.මං කිව්වේ හෙමින්.. ඒත් ඩැඩීට ඇහෙන්න ඇති කියලා මං දන්නවා....
"බබා හැරෙන්නකෝ මෙහාට...."
ඩැඩී මගේ පිටට එයාගේ පපුව තද කරගෙන ඇහුවා.. එයාගේ හුස්ම මගේ බෙල්ලේ වැදුනාම මට නිකන්ම ඇග පුරා කරන්ට් එකක් ගියා වගේ දැනුනේ.....
"නිදාගන්න ඩැඩී...."
මං කිව්වේ මගේ ඉනේ තියෙන එයාගේ අත අහකට කරන්නහදන ගමන්....
"බබා අනේ හැරෙන්නකෝ මෙහෙම අපි දෙන්නා නිදාගෙනම නෑ නේ... මට තනියම නිදා ගන්න අමාරුයි බබා... ඔයාව තුරුල් කර ගන්න ඕනේ...."
මං දන්නවා ඩැඩීටවත් මටවත් බෑ මෙහෙම වෙන වෙනම නිදාගන්න.... ඒත් එයා හවස කියපු දේවල් එක්ක මට බෑ ඩැඩීට තුරුල් වෙන්න... එයාට මගේ තරහා තේරෙන්න ඕනේ... එයා කලේ වැරද්දක්... වෙන් වෙන්න බැරි විදිහට මට මේ බැදීම ගැටගහන්න ඕන උනා... ඩැඩී හිතන්න ඇති මං මෙච්චර ලොකු දේවල් හිතන්න තරම් මං පොඩී කියලා... හැමෝම මාව පොඩි එකෙක් විදිහට තමයි බලන්නේ... ඒකට මගේ අකැමැත්තක් නෑ මට මගේ ඩැඩී උනත් මට සලකන්නේ පොඩි එකෙක් විදිහට කියලා දන්නවා මං ඒකට ඇබ්බැහි වෙන්න වැඩි කාලයක් ගියේ නෑ... ඒත් කවදා හරි මට මගේ ඩැඩී නැති උනොත් මැරි කරහම මට මගේ ඩැඩීගෙන් වෙන් නොවන විදිහට ඉන්න පුලුවන්..
මං මේ දේවල් හිත හිත ඉන්න අතරේ ඩැඩී මගේ ඉනේ පටලන් හිටපු අත අහකට අරනුත් ඉවරයි... මං වචනයක්වත් නොකියා ඔහේ ඉද්දි නම් ඩැඩීට දුක හිතෙන්න ඇති...
මං හෙමින් මගේ ඔලුව ඩැඩී ඉන්න පැත්තට හරවලා එයාගේ කොට්ටේ දිහා බලද්දි ඩැඩී හිටියේ ඇද උඩ ඉදගෙන කකුල් අස්සේ මුහුනත් ඔබාගෙන....
"ඩැඩී මොකද මේ....."
එයා එහෙම ඉද්දි මගේ තරහා කොහෙන් ගියාද මංදා... ඩැඩී මුහුන උස්සලා මං දිහා බැලුවත් ඩැඩීගෙන් නම් හ්ම් සද්දයක් නෑ.... රෑ හින්දා කාමරේ නම් කලුවරේ තිබ්බේ.... ඒත් ටේබල් ලෑම්ප් එකෙන් ඩැඩීගේ මුහුන නම් හොදට පෙනුන ඒ මුහුන හොදටම දුකෙන් පිරිලා....
"ඩැඩී කෝ එන්න නිදාගමු...."
"ඩැඩී කෝ එන්නකෝ අනේ..."