✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 02✨️

4.4K 578 45
                                    

At car..

"හයුන්ගියෝ ඇයි ඔයා ඌව ඉවරයක් කරන්නම යන්නේ.. warning එකක් දීලා අත් හරින්නකෝ.. අනික ඔයා මේ දේ සුගා හයුන්ග්ට වත් කියන්නේ නැතුව කරන්න යන එක නම් හරි නෑ" ටේ එහෙම කිව්වේ තමන්ගේ හයුන්ග් එහෙම කෙනෙක්ව එකපාරටම මරන්න ඕනේ කියලා තීරනය කරපු හින්දයි..

"මේ අහන්නකෝ ටේ සුගා කියන්නේ මගේ හැමදේම.. එයා මෙහෙම ඉද්දි මං කොහොමද මේක කියන්නේ කිව්වත් මේ දේ කරන්න එපා කියල කියයි එයා.. ඒ හින්දා කියන්නෙ නැතුව මේ දේ කරන එක හොදයි... ඒ වගේම සුගාගේ ඇගට වෙනකාගේ හරි නිකන් එක අතක් තියනවා කියන්නේ මං ඌගේ කම්බුල රත් කරනවා, සුගාගේ කම්බුලට කවුරු හරි අතක් තියෙනවා කියන්නේ මං ඌගේ අතපය කඩලා දානවා, සුගාගේ අතපයක් කඩනවා කියන්නේ මං ඌව ඉවරයක් කරනවා.. දැන් ඒවගේ දෙයක් උනා නේ සුගාගේ අතක් උන් කඩලා මට ඌගේ අවසානය අද දකින්න ඕනේ" හොසෙක් එහෙම කිව්වේ ඇස් වලින් තරහව පිට කරන ගමන්..

"හ්ම් හයුන්ග් මං දන්නවා එයාට ඔයා ආදරෙයි කියලා.." ඔන්න දැන් තමයි හෝසෙක් දෙලොවක් අතර තනි වෙන වෙලාව...

"හ්ම් ඔව් මං එයාට ආදරෙයි තමයි.. කොයි යහලුවාද තමන්ගේ යහලුවට ආදරේ කරන්නේ නැතුව ඉන්නේ" හෝසෙක් ඒ කිව්වේ බොරුවක් ටේට ඇත්ත කිව්වොත් අනිවා එයා සුගාට කියයි කියලා දන්න හින්දාම එයා ටේට බොරු කිව්වා
.
.
.
.
.
ටික වෙලාවකින් හෝසෙක් වාහනේ ගෙනත් නැවත්තුවේ children park එකක් ඉස්සරහ..

"හයුන්ග් මෙතන ඇයි වාහනේ නැවත්තුවේ" ටේ ඇහුවේ මේ children park එකක් ඉස්සරහ වාහනේ ගෙනත් නැවත්තුවේ මොන එහෙකටද කියලා අහන්න වගේ බැල්මක් මුහුනට ආරුඪ කරගෙන..

" හා මෙතන නවත්තන්න හේතුව තමයි.. සුගාට ගහපු එකා අද රෑ 12.00 වෙද්දි මෙතනට ඌගේ illegal drugs deal එකකට එනවා කියලා මගේ ගෝලයෝ දෙන්නෙක් මට දැනුම් දුන්නා.. ඉතිං මෙතනදී ඌව ඉවරයක් කරන්න මට ලේසියි ඌ එක්ක වැඩිය අය එන්නේ නැති හින්දා.." හෝසෙක් එහෙම කිව්වේ තමන්ගේ අතේ ඔරලෝසුව දිහා බලාගෙන..

"හයුන්ග් එතකොට ඌගේ නම මොකක්ද.. ඌව අදුරනවාද ඔයා" ටේ එහෙම ඇහුවේ illegal drugs business කරනවා නම් හෝසෙක් ඌව අනිවාර්යයෙන් දන්නවා කියන දේ දැනගෙනයි..

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now