✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 09✨️

3.4K 510 109
                                    

.
.

"හොබියෝ ඇත්තටම ආදරෙයිද අපි දෙන්නට" සුගා ඇහුවා..

"මොනාද මේ කියවන්නේ සුගෝ" හොබි සුගාව ටිකක් ඈත් කරන ගමන් ඇහුවා...

"ඇයි මේ දැන් කිව්වේ  අපි දෙන්නට ආදරෙයි කියලා" හොබියා ගාවට ලන් වෙන් ගමන් ජිමින් ඇහුවා...

"නෑ මං එහෙම මොකුත් කිව්වේ නෑ" හොබියා එහෙම කියනවත් එක්කම...

සුගා හොබියාගේ කම්මුල දෙපැත්තෙන් අත් දෙක තියලා.. එයාගේ ඇස් හොබිගේ ඇස් අතර හිර කර ගත්තා.. ඊටපස්සේ,

"හොබි මේ අහන්න ඔයාගේ හැගීම් අපෙන් හන්ගන්න ඕනේ නෑ.. මතකද එදා රෑ මං ඔයාව කිස් කරපු එක.. ඒක මං නිකන් කරපු දෙයක් නෙමෙයි.. මං ඔයාට ආදරේ හින්දයි එහෙම ඔයාට ලං උනේ.. ඒක කලේ මගේ හැගීම් ඔයාට දැනෙන්න ඕන හින්දා.. ඒත් ඔයා තේරුම් ගත්තේ නෑ.. ඔයා ජිමින් වෙනුවෙන් මගෙන් ඈත් වෙන්න තීරනය කලා නම් ඒක වැරදි.. ඔයා නැතුව කොහොමද හොබි අපි දෙන්නා ඉන්නේ.." සුගා මේ මොනාද කියන්නේ කියලා හොබිය  හිත හිත ඉන්නවා.. ඒ එක්කම හොබි ගාවක ලන් වෙලා හිටපු ජිමින් කතා කරන්න ගත්තා..

"හයුන්ග් ඔයා කොහො...මද මෙහෙම අපෙන් ඈත් වෙ..න්නේ.. එදා රෑ මං කියපු දේ ඔ..යා ඇයි එච්..චර ලේසි..යෙන් හිතුවේ.. ඔයා මගේ නලලට කිස් එක..ක් දීලා හෙට උ..දේට කතා කර..මු පැටියෝ කිය..ලා මාව නිදි කර..වලා ගිය වෙලා..වේ මට තේරුන  හයුන්..ග් ඔයා මට කොච්චර ආදරේයිද කියලා..." ජිමින් එහෙම කිව්වේ අඩ අඩ.. ජිමින් අඩනවා දැක්ක හොබියත් අඩන්න පටන් ගත්තා...

මේක බලන් හිටපු සුගාටත් ඇඩෙන්න ආවා.. කවදාවත් අඩන්නේ නැති සුගා අද අඩනවා... ඒ එයා ආදරේ කරන දෙන්නා අඩනවා දැක්ක හින්දා...

"හොබියෝ ඔයාට අපි දෙන්නම ආදරෙයි.  මේ හැගීම කවදා කොතන කොහොම ආවාද කියලා අපි දෙන්නටම දන්නේ නෑ.. මතකද එදා ජියොන් අංකල්ලා ආපු දවස එදා මං ජිමින් එක්ක කතා කලා ගාර්ඩ්න් එකේදි.. එයාට මං හැමදේම කිව්වා.. මං ඔයාට වගේම එයාටත් ආදරෙයි කියලා කිව්වා.. ඔයා දන්නවාද එයා මට මොනාද කිව්වේ කියලා" හොබිගේ දිහා බලන් සුගා ඇහුවා..

"මොනාද කිව්වේ සුගා" හොබි සුගාගෙන් එහෙම අහනවත් එක්කම,

"මං කියන්නම් හයුන්ග්" ජිමින් එහෙම කියලා.. හොබි දිහා බලන්..

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now