✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 18✨️

3.4K 454 70
                                    

.
.
.
.
.
.
After some minutes

"ටේ මට ටිකක් කතා කරන්න ඕනේ එන්නකෝ එලියට යන්..."
හොබි පැත්තකට වෙලා ඉදන් ඉන්න ටේ ගාවට ගිහින් කිව්වා...

"හරි හයුන්ග් එන්න යන්" කියපු ටේ හොබි එක්ක ගාර්ඩ්න් එකට ආවා.. ඒත් ඇවිත් ටික වෙලාවක් වෙලාත් ටේගෙන් කිසිම සද්දයක් නැති හින්දාම හොබි කතා කරන්න ගත්තා...

"ටේ ඔලුවේ කැක්කුම කොහොමද දැන්.." හොබි ඇහුවා..

"හොදයි හයුන්ග් දැන්.." ටේ එහෙම කියලා ආයේ කිසිම වචනයක් නොකියා හිටියා.. මේක බලන් හිටපු හොබි,

"ටේ මට කියන්න මොකක්ද ප්‍රශ්නේ" ටේව බෙන්ච් එකකින් ඉන්දගන්න කියාලා හොබිත් ටේ ලගින්ම ඉදන් ඇහුවා...

"නෑ හයුන්ග් කිසි ප්‍රශ්නයක් නෑ"  මුහුනත් දුකෙන් පුරව ගෙන මුහුන පහලට කරන් ටේ කිව්වා..

"ටේ මේ මගේ මුහුන ටිකක් බලන්න.. " ටේ ඒත් එක්කම හොබිගේ මුහුන බැලුවේ මගේ හයුන්ට ගොඩාක් දේවල් කියන්න තියෙනවා.. ඒත් මට ඒක කියන්න බෑ කියලා හිතින් හිතන ගමන්...

"ඔයා දන්නවාද ඔයාගේ පොඩි වෙනස් වීමක් හරි උනොත් මට දැනෙනවා... ඔයා මගේ මල්ලි ටේ.. ඔයා කොයි වෙලාවේ මොන වගේ මූඩ් එකකද ඉන්නේ කියලා මට කියන්න පුලුවන්.. මේ දැන් උනත්.. ඔයාගේ හිතේ මොකක් හරි හංගන් නේ ඉන්නේ දැන්.. ඔයාට ඕන දෙයක් ඔයාගේ හ්‍යුන්ග්ට කියන්න පුලුවන් ඕනම දෙයක්.. ඒ හින්දා බය නැතුව ඇත්ත කියන්න ටේ" හොබි ටේගේ මුහුන තමන්ගේ අත් අතර හිරකරගන්න ගමන් කිව්වා...

"හ්හ්....යූන්...ග්..." කියලා කිව්ව ටේ හයියෙන් අඩන්න ගත්තේ හොබියවත් බදාගෙන... ඒත් එක්කමහොබි ටේගේ ඔලුව අතගාන්න ගත්තා...

"ටේ මොකක්ද උනේ පැටියෝ... අනේ ඇයි ඔයා මෙහෙම අඩන්නේ.. මට කියන්න" හොබි පුලුවන් තරම් තමන්ගේ හඩ බාල කරලා ඇහුවා...

"හ්හ්...යු...න්ග්... හ්හ්හ්...යු...න්ග්.... ම්ම්...මං.... ක්...කුකී....ට... ක්...කු...කීට...ආ...ද...රෙයි" ටේ අඩන ගමන් අමාරුවෙන් හුස්ම ගන්න ගමන් ඉකිගගහා කිව්වා...

"ටේ දැන් ඕකද ප්‍රශ්නේ ඔයාගේ.. ඕක එච්චට හිතන්න දෙයක් නෙමෙයි නේ.. කුකිත් ඔයාට ආදරෙයි.. මං ඊයේ රෑ, අද උදේ දැක්ක දේවල් වලින් කුකී ඔයාට ආදරෙයි කියලා මට තේරුනා.." හොබි කිව්වේ ඊයේ අමාරුවෙන් ටේව උස්සන් කාමරේට ගිය කුකීව මතක් කරගෙන...

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now