✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 46✨️

2.3K 335 90
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Doctor :"එයාට................." ඩොක්ටර් ටිකක් කල්පනා කලා මේ දේ කියන්න පුලුවන්ද කියලා.. ඇයි නම් හැමෝම බය වෙලා නේ ඉන්නේ එයාලාගේ බය මුහුනෙන් හොදයම පේන්න තිබ්බා....

Namjoon :"ඩොක්ටර් මොකද මේ එයාට ප්‍රශ්නයක් නෑ නේ.. කියන්න..."

Doctor :"මේකයි නම්ජුන් මං කියන්  දේට කලබල වෙන්න නම් එපා..."

ඩොක්ටර් එහෙම කියනවත් එක්කම ජන්කුක් කෑගහලා අඩන්න ගත්තා... "මගේ ඩැඩී..ට මොකක්ද උනේ කියන්න.... ඇයි මෙහෙම කියන්නේ..." කිය කියා...

Hobi :"කුකී පොඩ්ඩක් ඉන්න ඩොක්ටර් කියන දේ අහලා ඉමූ..." ජන්කුක්ගේ උරහිස්වලින් අල්ලන් හොබි කිව්වේ ජන්කුක් වැටෙන්න ඔන්න මෙන්න ඉන්න හින්දා....

Doctor :"මේකයි අපිට එයාට මේ දැම්මම ලේ දෙන්න වෙනවා... එයාගේ බඩට වැදුනු පාරවල් වලින් ලේ හුගක් වහනය වෙලා... ඇග එන්න එන්නම දුර්වල වේගෙන එන්නේ ලේ නැති හින්දා....  මතකනේ නම්ජුන් ඔයාට එදා ඇක්සිඩන්ට් එක වෙලාවෙත් මෙහෙම වෙලා ටේට ලේ දෙන්න උනා... ඒත් අද අපේ හොස්පිටල් එකේ ලේ නෑ... අපිට ඒවා පිටින් ගෙන්නන්න වෙනවා... අපි පුලුවන් තරම් කරොත් ටේගේ ජීවිතේ බේරගන්න පුලුවන් වෙයි.....ඔයාලාගේ බ්ලෙඩ් එකක්වත් ටේට මැච් වෙන්නේ නැද්ද නම්ජුන්...."

Namjoon :" නෑ ඩොක්ටර් අපේ බ්ලෙඩ් ටේට මැච් වෙන්නේ නෑ.... මායි සුගායි ගිහින් බ්ලෙඩ් බෑන්ක් එකෙන් ලේ අරන් ඉක්මනට එන්නම්..." මේක අහන් හිටපු නම්ජුන් කිව්වේ බයටමයි... ටේට මෙහෙම වෙලා තියෙද්දි ජන්කුක්ටත් මොකක් හරි වෙයි කියලා... අනික තමන්ම ගිහින් ටේගේ බ්ලෙඩ් ගේන එකත් හොදයි කියලා හිතුව හින්දා නම්ජුන්ම යන්නම් කිව්වා....

Doctor :"පුලුවන් ඉක්මනට එන්න නම්ජුන් අපිට වෙලාව නෑ.... දැන් රෑ 7යි රෑ 10 වෙන්න කලින් ලේ දෙන්න වෙනවා..." ඩොක්ටර් එහෙම කිව්ව ගමන් නම්ජුනුයි සුගායි දුවන්න ගත්තා හොස්පිටල් එකෙන් එලියට.... ජැකිත් එලියට ගියේ එලියේ මොකක් වෙනවාද කියලා බලන්නත් එක්ක.... ඒත් එක්කම ඩොක්ටර් ටේගේ ට්‍රීට්මන්ට් කන්ටිනිව් කරන්න ඕනේ හින්දා icu එක ඇතුලට ගියා....

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now