1

2.6K 97 5
                                    

සන්තානේ
(දෙහදක් 2)

කතු අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම සපුරා තහනම්❗❗❗

💜️1 කොටස💜️

" බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං
ගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං
දානාදි ධම්ම විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු තේ ජය මංගලානී"

මුලු උත්සව ශාලාවෙම දෝංකාර දුන්නේ ඒ හඬ.හැමෝගෙම මුහුණු හිනාවෙන් පිරිලා.ජය මංගල ගාථා කියන ඒ කණ්ඩායම දිහා චාන්‍යා බලන් උන්නේ හරිම සතුටින්.ඒත් කේශවගෙ ඇස් නම් තිබුනේ චාන්‍යා ගාවමයි.අද දෙන්නටම විශේෂ දවසක්.ඒ වෙන මොනාවත් නිසා නෙමේ අද තමා චාන්‍යායි කේශවයි අතිනත ගන්න දවස.අවුරුදු තුනක ආදර අන්දරයකින් පස්සේ ඔවුන් දෙන්නා මේ පය තබන්නේ ජීවිතේ තවත් සුන්දර අදියරකට.ජයමංගල ගාථා අවසානයේ ගායක කණ්ඩායමට තෑගී දෙන්න හදද්දි තමා කේශවගේ ඇස් චාන්‍යාගෙන් ඉවතට ගියේ.

"කෙල්ල දිහා කන්න වගේ බලන් ඉන්නෙ නැතිව ෆොටෝස් වලට හරියට ඉඳහන් යකෝ"

තැන නොතැන කියලා නෑ සාරංග කෑ ගහලා වගේ කිව්වේ උන්නු හැමෝගෙම මුවට හිනාවක් එද්දි.කේශව සාරංගට රැව්වේ දැනුනු ලැජ්ජාවටමයි.ඒ නැතත් අද චාන්‍යාගෙන් ඇස් අහකට ගන්න නොහිතෙන තරමටම ඇය ලස්සනයි.චාන්‍යාත් කේශවට තරවටු බැල්මක් හෙලුවේ කේශවගෙ ඇස් ගොඩක් වෙලා ඉඳන් ඇය දිහාවේ තිබ්බා කියලා තේරුනු නිසා.ප්‍රීතිමාලි නම් උන්නේ ඇස් වල කඳුලු පුරවගෙන.චාන්‍යා මනමාලියෙක් වෙලා පෝරුවේ ඉද්දි ඇයට ඒ සතුට දරාගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.ඇයට මතක් උනේ කෙලි දෙලෙන් හරි නිදහසේ උන්නු චූටි චාන්‍යාව.ඒත් කාලේ ගෙවුනේ හරිම ඉක්මනට.තිසර නිසා කාලයක් හිත කරදරෙන් උන්නු චාන්‍යායි කේශවයි ඒ අඳුරු කාලය පහු කරලා ඉවරයි.ප්‍රීතිමාලිට ඒක කල්පනා වෙද්දි නම් දැනුනේ කියාගන්න බැරි තරමේ සැනසීමක්.

සියලු චාරිත්‍ර අවසානයේ කේශවයි චාන්‍යායි බෙර හඬ මැද්දේ නැකැතට පෝරුවෙන් බිමට බහිද්දි පොල් ගෙඩිය බින්ඳේ ප්‍රීතිමාලිගෙ අයියා.ඒ කිව්වේ චාන්‍යාගේ මාමා.ඒ වෙද්දි ඔවුන් සියලු දෙනා විරසකයන් අමතක කරලයි උන්නේ.ලස්සනට විසිරුණු පොල් වතුර අතරින් කේශවවයි චාන්‍යාවයි සාරංග තම කැමරා කාචයට හසු කරගත්තා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now