8

751 69 12
                                    

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️8 කොටස💜️

"හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම්
කුසුමක් වී ඉන්නම්...."

කේශවගේ හඬ නිහඬබව මැද්දේ ගලාගෙන ගියේ හරිම ලස්සනට.හැමෝම වටවෙලා ඒ හඬට ඇහුන්කන් දීගෙන ඉන්නේ වශී වෙලා වගේ.සාරංග වීදුරුවකට හැන්දකින් ගගහා තාලෙ අල්ලන්නේ හරිම සංයමෙන්.කේශවගේ හඬ පරද්දලා වීදුරුව ගැටෙන හඬ ඇහෙන්න ඉඩ නොදෙමින් හරිම සීරුවට.කළුවර වැටීගෙන එන අහස මැද්දෙන් ලාවට වගේ ඈතින් පේන හන්තාන දිහා බලාගෙන චාන්‍යා කේශවගේ අත් බාහුවකට නිකට තියාගෙන දෑස් වසාගෙනම ඒ ගීතය රස වින්ඳා.ගීතය ගයලා ඉවර වෙද්දී හැමෝම අත්පුඩි ගැහුවේ සතුටින්.

"හරිම ලස්සනයි කේශව අයියේ"

ධීරවංශගේ වැඩිමල් දියණිය කිව්වේ ඇත්තටම කේශවගේ ගැඹුරු හඬට ආසා වෙලා.

"චාන්‍යා අක්කිත් කියමුකො සිංදුවක්"

"අනේ අද බෑ.වෙන දවසක"

"අපෝ...මෙයාගෙ ලැජ්ජාව"

තරුණ පිරිස වත්තේ කෙළවරක හිනා වෙවී සතුටින් ඉද්දී ගිරිරාජ් හා සේනාධීර බලන් හිටියේ ඒ දිහා.

"මාලිගෙන් වදේ තව දවසක්වත් ඉන්න කියලා.අනික පුතා රට යනකොට අපිත් මාසයක් දෙකක් රට ගිහින් එන්න කියලයි බැලුවේ"

"අදත් ඉන්න බලන් නෙමේනෙ ආවේ සේන.ඇඳුමක්වත් අරන් ආවේ නෑ.ඉතින්... හදිස්සියේම යන්න හිතුවේ මොකද?"

"ඒ ගෙදර ගැනත් පොඩ්ඩක් බලන්න ඕනනේ.දුව ගැන බයක් දැන් නෑ.පුතා එක්ක ටික දවසක් ඉන්න කියලා බැලුවේ.ශීන් දුවගෙත් ඩිග්‍රිය ඉවරයි.එයාලගෙ ගෙවල් වලිනුත් කතා කරලා දෙන්නව පිළිවෙලක් කරන්න ඕනේ.ඒ නැතත් එහෙ හොඳට කෙරීගෙන ආව බිස්නස් එක අපතේ යවන්න ලෝබයි.ගෝලයෝ දෙතුන් දෙනෙක් ඉන්නවනේ.එයාලගෙ වැඩ ටික බලලා එන්න හිතුනා"

"හ්ම්ම්..සේන නම් නිදහස් උනා නේද?දැන් හිතේ බයෙන් ඉන්නෙ මම තමා"

ගිරිරාජ් කියද්දී සේනාධීර බැලුවේ ඔහුගේ මූණ දිහා.

"ඇයි එහෙම කිව්වේ?අහිංසා ගැන හිතලද?"

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now