22

632 66 0
                                    

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️22 කොටස💜️

කොහොම ගෙදර ආවද කියලා අහිංසාට මතකයක් තිබ්බෙ නෑ.හිසරදය කියලා ගෙදරටත් කිව්ව නිසාම ඇයට කාමරේට වෙලා තනි වෙන්න කාගෙන්වත් බාධාවක් තිබ්බෙත් නෑ.ෆෝන් එකට කෝල් එන එකත් වදයක් වෙයි කියලා හිතලා ඇය හිතා මතාම ෆෝන් එක ඕෆ් කරලා දැම්මා.අහිංසාට මතක් උනේම ශාදිගේ මුහුණ.ඇත්තටම ශාදි ලස්සන කෙල්ලෙක්.සාරංග එක්ක එකට ඉද්දි ඔවුන් දෙදෙනාව අනිත් අයට පෙනෙන්නේද ලස්සන ජෝඩුවක් විදියට.ඉතින් අහිංසාටත් දෙන්නව පෙනුනේ එහෙම.

මුතූ කිව්ව වචන හිත පුරා රැව් දෙද්දි අහිංසා උන්නේ ඒ හැමදෙයක්ම මායාවක් කියලා හිතට තරවටු කරන ගමන්.

'නෑ.මං සාරංග අයියට ආදරේ කරන්නෙ නෑ.මුතූට එහෙම හිතිලා තියෙන්නේ වැරදිලා.මං ආදරේ නෑ.නෑ..නෑමයි.එහෙම බොරුකාරයෙක් මට එපා'

කෙදිනකවත් ආදරේක නොබැදුනු හිත සාරංගට ආදරේ කරන්න පටන් අරන් කියන එක අහිංසා පිළිගන්න කැමති උනේ නෑ.මෙච්චර කාලයක් ළඟින් උන්නු සාරංග ගැන අහිංසාගේ හිතේ තිබ්බේ සහෝදර බැඳීමක් විතරයි.ඒත් ඒ බැඳීම ඇයටත් හොරා මෙච්චර දුර දිග ගිය එක ඇයටම දරාගන්න බෑ.ආදරේ කියන හැඟීම හිතට දැනුනා විතරයි.ඒක උපන් ගෙයිම මැරිලා ගියේ හීනෙන් වගේ.ඇඳේ එහෙට මෙහෙට පෙරලුනද අහිංසාගේ හිතට නිවනක් නෑ.බැරිම තැන පැනඩෝල් දෙකක් බිව්ව ඇයට නින්ද ගියේ හිසේ කැක්කුම වැඩි වෙච්ච තැන.

හවස් යාමය වෙනකන්ම කාමරේට වෙලා උන්නු අහිංසා හිසේ අමාරුව තියාගෙනම නාන කාමරයට වැදී නා ගත්තේ ඇයටම දඬුවම් දෙන්න වගේ.මුතූ කිව්ව දේ පිළිගන්න හිත අදිමදි කළාට අහිංසා ඒ වෙනකොට තේරුම් අරගෙන ඉවරයි සාරංග ඇගේ හිතම හොල්ලලා කියන්න.ඒක ආදරේමද නැත්තම් වෙනත් විශේෂ හැඟීමක්ද කියලා ඇයට තේරෙන්නෙ නෑ.

බඩගින්නක් නොතිබ්බද කෑම වෙලාව ළං වෙද්දී ඇය පහළට ආවේ ඇය තුළින් කිසිම වෙනසක් කවුරුත් දකිනවට අකැමැති නිසා.විශේෂයෙන්ම කේශව ඒ වෙනස දකිනවට ඇය කැමති නෑ.වෙලාවකට ඇයට ඔහු එක්කත් තරහයි.සාරංග කවදාවත් ඔහුගේ දේවල් කේශව එක්ක නොකියා ඉන්නේ නෑ කියලා අහිංසා දන්නවා.ඕක හංඟන් ඉන්නෙ නැතිව එකපාර කිව්වා නම් ඇය හිතේ කවදාවත් සාරංග වෙනුවෙන් ඉඩක් හදාගන්නෙ නෑ.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now