45

641 66 0
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️45 කොටස💜️

මුතූ සාරංගගේ කම්මුලක් තද කරලා සිප ගත්තේ දැනිච්ච සතුටටමයි.

"එහාට වෙනවා පිස්සියේ.මං තාම කියලා ඉවර නෑ"

සාරංග ඇයව පැත්තකට තල්ලු කළේ කම්මුල හිතා මතාම පිටි අල්ලෙන් පිහදලා.ඒත් මුතූ නම් උන්නේ අවංකවම සතුටින්.

"මට දැනගන්න ඕනම කරන දේ මං අහගෙන ඉවරයි...අනේ..ශෝයි අප්පා...ඔයාලා දෙන්නා ආදරේ කරන හැටි මම මැවිලා පේනවා.මරු ජෝඩුව..හැකර කටවල් දෙකක් සෙට් උනාම කොහොම තියේවිද???හම්බෙන බබාලත් ඒ විදියටම හැදෙයි...අනේ...මරු"

මුතූ අත් දෙකත් කම්මුලට තියන් හීන මවන්නේ සාරංගගේ මුවේ ලස්සන හිනාවක් ඇඳෙද්දී.

"තමුසෙ අපිව බන්ඳලා ළමයි හදවලත් ඉවරයි..මට තියෙන ප්‍රශ්ණෙ අම්මගෙ හිත වෙනස් කරවගන්නෙ කොහොමද කියලා"

ඒත් මුතූට ඒ ප්‍රශ්ණෙ බරපතලක් දැනුනේ නෑ.ඇය හිතුවෙම මිහිරානිගෙ හිත වෙනස් කරගන්න පුලුවන් වෙයි කියලා.

"අපි ලොකු අම්මට විස්තරේ කියමු.ඔයා කවදාවත් ශාදිට ආදරේ කරන්නෙ නෑ කියලා එයාට තේරුම් කරවමු...ඔයාට බැරි නම් මං කියන්නම් ඔයා ආදරේ කරන්නේ අහිංසා අක්කිට කියලා..."

මුතූට තිබ්බේ ඒ තරම්ම හදිස්සියක්.ඒත් සාරංග දන්නවා ඒක හිතන තරම් ලේසි නෑ කියලා.

"ඒක ඔයා කියන තරම් ලේසියෙන් කරන්න බෑ මුතූ..අම්මා කාටහරි දුන්නු පොරොන්දුවක් ලේසියෙන් කඩන කෙනෙක් නෙමේ.ඒත් මං පුලුවන් තරම් උත්සාහ කරනවා එයාව වෙනස් කරන්න...එතකන් තමුසෙ ඔය කට පොඩ්ඩක් ලොක් කරන් ඉන්නවා හොඳද?"

සාරංගගේ ඉවසීම ගැන මුතූට හිතාගන්න බෑ.ඒත් ප්‍රශ්නෙ ඇත්තටම තියෙන කෙනා උපදෙස් දෙන අයට වඩා විඳවන බව දන්න නිසාම මුතූට සාරංගගේ සිතැඟි තේරුනා.

"මං කටවහන් ඉන්නම් දැනට..හැබැයි අර ශාදිව නම් ඔයාට බඳින්න ඉඩ දෙන්නෙ නෑ..එච්චරයි..මං මාළිඟාවට ගිය වෙලාවේ භාරයක් උනා ඔයාලා දෙන්නා වෙනුවෙන්ම...ඒක ඉශ්ඨ කරන තැනට හැමදේම සිද්ධ වෙන එක වෙනවමයි"

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now