59

575 64 0
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️59 කොටස💜️

"අන්කල්....මම මේ යන්න කියලා.."

අහිංසාගේ කාමරය අසලම උන්නු ගිරිරාජ්ව දැකලා හිත පොඩ්ඩක් ගැස්සුනත් සාරංග සුපුරුදු හිනාවෙන්ම කිව්වා.ඔහු හිතුවේ නෑ ගිරිරාජ් ඒ වෙලාවෙම උඩු මහළට ඒවි කියලා.

"දුවගේ බෑග් එක අරන් ආවේ...දෙපාරක්ම කෝල්ස් ආවා...සාරංග..තේ ටික බීලාම යන්න"

"එපා අන්කල්...මං දැන් යන්න ඕනේ..."

සාරංගට ඒ වෙලාවේ මුතූවත් මතකෙට ආවා.තිහස් එක්ක කලබලේට යැව්වට කෝල් එකක් දීලා විස්තරයක් දැනගන්නකන් ඔහුට ඉවසීමක් නෑ.

"යන්නම් අන්කල්..කේශ් ඉන්න වෙලාවක එන්නම්"

ගිරිරාජ්ගෙන් ඉක්මනට සමුගත් සාරංග අඩියට දෙකට පඩිපෙල බහිද්දී ගිරිරාජ් ඔහු නොපෙනී යනකන් ඔහු දිහා බලන් උන්නේ අමුතු හැඟීමක් හිතට දැනෙද්දී.කාමරයට පැමිණෙද්දී අහිංසා උන්නේ මඳක් ඉදිරියට නැමීගෙන තුවාල උනු කකුල පරීක්ශා කරන ගමන්.

"දුව.."

"අප්පච්චී.."

වැඩිය අහිංසාගේ කාමරේට නොපැමිණෙන ගිරිරාජ්ගේ දසුනෙන් අහිංසා කෙලින් උනා.

"ෆෝන් එක රින්ග් වෙනවා එක දිගට...ඒකයි අරන් ආවේ..."

ඔහු කිව්වේ බෑගය ඇය අතට දෙන ගමන්.

"ඉතින් අප්පච්චි පස්සේ තුශාරි අතේ එවන්න එපැයි.කෝල් ආවට කමක් නෑ.කකුලෙ අමාරුව තියන් පඩි නඟින්න හොඳ නෑනේ"

"ඉඳලා හිටලා පඩියක් දෙකක් නැඟගන්න බැරි තරම් අමාරුවක් නෑ"

එයට මඳ සිනාවක් පෑව ගිරිරාජ් මේසය අසල වූ පුටුව ළං කරගෙන ඇය අසලින් වාඩි උනා.

"කකුල ගොඩක් රිදෙනවද?"

"ටිකක් කැක්කුමයි අප්පච්චී..බැන්ඩේජ් එක නිසා ටිකක් අපහසුයි.පේන හැටියට කකුල කැපිලා විතරක් නෙමේ උලුක්කුත් වෙලාද කොහෙද"

ඇය කිව්වේ යන්තමට පාදයේ ඇඟිලි සොලවන ගමන්.එයින් නැඟෙන වේදනාවටම ඇයට සූස් ගෑවුනා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now