3

1K 70 0
                                    

සන්තානේ
(දෙහදක් 2)

කතෘ අවසරයකින් තොරව කිසිම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️3 කොටස💜️

"මේ...ඉලන්දාරියා.නැඟිටිනවා.මේ නිදාගන්න වෙලාවක්ද?"

හිසේ සිට පාදාන්තය දක්වා පොරවගෙන නිදාගෙන උන්නු තිහස්ට ඒ හඬ ඇහුනේ එහා ලෝකෙන් වගේ.ඒ හඬ කාගෙද කියලා අඳුනගන්නවත් බැරි තරමටම අධික නිදිමතකයි ඔහු උන්නේ.කිසිම චලනයක්වත් නැතිව ඔහු ඒ විදියටම මුනින් තලා වැටිලා උන්නේ ආයෙමත් තද නින්දට වැටෙද්දී.

"නැඟිටිනවා මිනිහෝ...අපතයෙක් වගේ දවල් වෙනකන් නිදන් ඉන්නෙ නැතිව"

ඊළඟ මොහොතේ තිහස් පොරවගෙන උන්නු බෙඩ් ශීට් එක උඩ ගිහින් වැටුනේ ඔහු නින්දෙන් ගැස්සිලා වගේ අවදි වෙද්දී.චුක් ගාගෙනම ඔහු කෙළින් උනේ සැපට තිබ්බ නින්ද කැඩිච්ච එකට තරහින්.

"මොන වදයක්ද අප්පා මේ?"

ඇඟ මැලි කඩ කඩ තිහස් එහෙම කියලා හරියටම ඇස් අරිද්දියි දැක්කේ අත් දෙකත් බැඳගෙන තමන් ඉස්සරහින් ඉන්න වසන්තව.කේන්තියට කෑ ගැහුවට මොකද වසන්තව දකිද්දි තිහස් චුට්ටක් විතර ගැස්සුනා.මොකද දැන් තමන්ව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ වසන්ත නිසා.

"වදේ?වදේ මං පෙන්නනවා වෙලාවක.උදේ නවයටත් කිට්ටුයි.අර මනුස්සයා තමුසෙගෙ තේ එක අරන් ඇවිත් දෙපාරක් බැනුම් අහගෙන හැරිලා ගියා.පුත්තලම් බූරුවෝ දහ දෙනෙක්ගෙ වයස.ඒ උනාට කිසිම වගකීමක් නෑ"

නැඟිට්ට ගමන්ම වසන්තගේ කන්කරච්චලේ අහන්න උනු එකට තිහස් උන්නේ මූණත් දෙක කරන්.

'කරුමයක් අප්පා මේක'

සිය පියාගේ කියවිල්ල අහන් ඉන්න අතරේ තිහස් හිමීට මිමිණුවත් තිහස් මොනාම හරි කිව්වා කියලා වසන්තට තේරුනා.

"මේ..මුමුණන්න එන්න එපා.මං අම්මා නෙමේ පුතණ්ඩියාව හුරතල් කරන්න.මං ළඟ හිටපු නැති කාලෙට තමුසෙ කරපුවා කියපුවා මං දන්නවා.නැඟිටලා එනවා පහළට.තමුසෙව මකලා හරි හදාගන්න ඕනේ.ආවා මෙතන අර නාකි මනුස්සයට බනින්න.මුන්ට තේ හදන්නත් ඕනේ.බැනුම් අහන්නත් ඕනේ..."

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now