43

593 64 0
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️43 කොටස💜️

සාරංග පහළට ගියේ ලෑස්ති වෙන්න හිතාමතාම පැයක් විතර ගත කරලා.හදිස්සියෙන් බලන්න යන්න තරම් උවමනාවක් සාරංගට ඇය වෙනුවෙන් ඇති වෙන්නෙ නෑ.කොට කලිසමකට අත් රහිත කමිසයක් ඇඳගෙන දුරකථනයත් ඔබමින් සාරංග පහළට ආවේ ශාදි ඉන්න බවක් අමතක වෙච්ච බවක් පෙන්නලා.

"නිකේත් අයියේ...ඔයාට රෙඩි වෙන්න කෙල්ලෙක්ට යනවට වඩා වෙලාවක් යනවනේ අප්පා..මට බලන් ඉඳලා එපා උනා.."

මිහිරානි එක්ක කතා කරමින් උන්නු ශාදි සාරංගව දැකලා කිව්වේ ඇදලා පැදලා.

"එපා වෙනවා නම් කොච්චර දෙයක්ද?"

සාරංග ඒක මිමිණුවේ මිහිරානිටයි ශාදිටයි ඇහෙන නොඇහෙන ගානට උනත් ඒ අසලම වාඩි වෙලා උන්නු මාලකට නම් ඒක හොඳටම ඇහුනා.සිය පුතුගේ හැඟීම් හොඳටම වටහාගෙන උන්නු මාලකගේ මුවේ සිනහවක් ඇඳෙද්දී මිහිරානි හෙලුවේ නොපහන් බැල්මක්.

"මට ඔයාව ඇත්තටම අමතක උනා ශාදි.සෝ සොරි...ඉතින්..මොකද උදේම මෙහෙ ආවේ?තනියමද ආවේ?"

සාරංග කතා කළේ සාමාන්‍ය මිතුරෙකුට කතා කරන රටාවට.ශාදිගෙ මුව මැලවුනේ බලන් ඉන්නැද්දි.

"තනියම ආවේ අයියේ..මේ ගෙදරට එන්න ඉතින් මට අවසර තියෙනවනේ"

ශාදි එකපාරටම කිව්වේ ඇගේ අයිතිය සාරංගට මතක් කරන්න වගේ.ඒත් ඒකට කාටත් කළින් උත්තර බැන්ඳේ මාලක.

"තාම අයිතියක් නෑනේ දුව.යෝජනා කළා විතරනේ..අනික තාම මුකුත් ස්ථීර වෙලා නැති එකේ මෙහෙම තනිපංගලමේ හිතු මනාපෙට යන එන එකත් එච්චර හොඳ නෑ..."

ඒ හඬේ හැංඟිලා තිබුනේ අමුතුම තරවටුවක්.ශාදි මාලකට ඉහළින් මුකුත්ම කිව්වේ නෑ.ඒ වෙනුවට බොරු හිනාවක් පාලා බැලුවේ මිහිරානි දිහා.ඒ ඇයට ඉන්න එකම ගැලවුම්කාරයා ඇය නිසා.

"ඔයත් මොනා කියනවද මන්දා මාලක?දුව තනියම ආවා නැතා හරි කවදාහරි ඉතින් මේ ගෙදර ලේලිනේ..."

මිහිරානි ශාදිගෙ අතකින් අල්ලලා කිව්වේ සාරංගගේ අත මිට මෙලවෙද්දි.මාලක සාරංගට දෙනෙත් වලින් සන්සුන් වෙන්න කියලා ඉඟි කරද්දි සාරංග ශාදිට මුහුණලා වාඩි උනා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now