36

625 64 0
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️36 කොටස💜️

ආලින්දයට වෙලා උන් සියලු දෙනාගේම අවධානය යොමු උනේ වත්තට ඇතුලු උනු කාර් එකක සද්දෙට.ඒ වාහනයේ හඬ කාටත් කලින් අඳුනගත්තේ වසන්ත.ඔහුගේ අතක් මිට මෙලවුනේ ගෙලේ නහර පවා ඉලිප්පෙද්දි.ගිරිරාජ් වසන්තට ඇස් වලින් ඉවසන්න කියලා ඉඟි කරද්දි තිහස් ගැන ඇති වෙච්ච8 කේන්තියටම අහිංසාත් රවාගෙන බලන් උන්නේ ඔහු කොයි වෙලාවේ හරි ඇතුලට එනකන්.

කාර් එක නතර කෙරුව තිහස් සුක්කානමට දෑත් තබාගෙනම ලොකු හුස්මක් ගත්තා.රට ඉඳන් ආව වසන්තත් මේ ගෙදර ඉන්නවා කියලා නොදන්න තිහස් කාර් එකෙන් බැස්සේ පොඩි තිගැස්මකුත් හිතේ තියාගෙන.ඔහු තාමත් හිතන් උන්නේ වසන්ත කෝල් එක ගත්තේ රට ඉඳන් කියලා.තිහස්ව සප්‍රයිස් කරන්න කියලා හිතාගෙන තාමත් සද්දයක් නැතිව ඉන්න මේඛලාත් ඔවුන් ලංකාවට ආ බවක් අඟවන්න හැදුවේ නෑ.අහිංසා ගැනයි ගිරිරාජ් ගැන මොකට කේන්ති හිතුනද කියලා හිතෙන තරමට ඒ හිත පොඩ්ඩක් බය වෙන්න අරන්.ඒ තරම් ගුප්ත නිහඬබවක් සූරියබණ්ඩාර නිවසේ තිබ්බේ.

"කුම්බලා මාලු කෑව නම් විඳවපන් බළලෝ කිව්වලු...කමක් නෑ..මේ හිර ගෙදරින් නිදහස් වෙලා යන්න හරි බැරියෑ"

සූරියබණ්ඩාර පවුලෙන් නිදහස් වෙලා යන්න වෙන තමන්ගෙ ගෙදර ඊටත් වඩා හිරගෙයක් කියන එක තිහස්ට පොඩ්ඩකට අමතක උනා.හොරෙක් ගාණට හෙමින් අඩි තිය තිය තිහස් ගේ දොරකඩටම ආවේ හිස බිමට නැඹුරු කරගෙන.ඒ එන අතරමඟ ඔහුගේ හිතට ආවේ එක එක අදහස්.ඔහුට වෙලාවකට හිතුනා වෙච්ච වැරැද්දට සමාව ගන්න.පස්සෙ හිතුනා දෙන දඬුවමක් විඳගන්න බලන් සද්ද නැතිවම ඉන්න.යාලුවගේ නිවසින් එලියට බැස්සේ චණ්ඩියෙක් වගේ උනාට ප්‍රධාන දොර වෙත එද්දි ඒ ධෛර්‍ය ටික ටික දියවෙන්න අරගෙන.පරිසරය සාමකාමි නිසා හිතුව තරම් කලබලයක් නිවසෙහි වෙලා නෑ කියලා හිතලා ඔහු ඔලුව උස්සද්දිම දැක්කේ මුලින්ම ඇහැට පේන්න තියෙන සෙටියේ වාඩි වෙලා ඉන්න මාධවව හා කේශවව.ඒ සෙටියෙම ඇන්ඳකට හේත්තු වෙලා අහිංසා ඉන්නේ ගිනි පිඹින ඇස් වලින් ඔහුව අලු කරන ගමන්.අහිංසාගේ බැල්මට දශමයක්වත් බය හිතුනෙ නැති උනාට සිංහයෝ දෙන්නෙක් වගේ තියුණුව බලන් ඉන්න තරුණයින් දෙදෙනාගේ බැල්ම නම් තිහස්ව පොඩ්ඩකට නොසන්සුන් කළා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now