66

523 69 0
                                    

සන්තානේ - දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️66 කොටස💜️

"බුවී අක්කලා කෝල් කළේ නැද්ද අක්කී?"

මුතූ ඇහුවේ හදිසියේම රදීශව සහ බුවිනිව මතකෙට ආව නිසා.

"කෝල් කළා..අර බූරුවත් කතා කළේ.."

මුතූට සිනහ නැඟුනේ අහිංසා රදීශව හඳුන්වන්න පාවිච්චි කෙරුව නම නිසා.

"එයා පොඩ්ඩක් අමුතුයි තමා..මහ...මරුමෝස් පාටක් තියෙන්නේ..හැබැයි අමුතු හැන්ඩිත්වයකුත් තියෙනවා..."

යුවතියන් දෙදෙනාම හයියෙන් සිනාසුනේ මුතූ කිව්ව වචනෙට.

"කියන්න අමතක උනානේ.මම ඕස්ට්‍රේලියන් බියුටි කෝස් එකකට ඇප්ලයි කළා.මතීශ අයියා තමා විස්තර එව්වේ..සිලෙක්ට් උනොත් මරු.."

"ශා..මරුනේ අක්කී..නිකී අයියා දන්නවද?"

"කිව්වෙ නෑ තාම.යන්නම හිතාගෙන දැම්මා නෙමේ..නිකන් ඇප්ලයි කරලා බැලුවේ..අනික මතීශ අයියා ඔච්චරටම කියලා ගණන් නොගෙන ඉන්න හිත දුන්නෙ නෑ.අවුරුද්දක කෝස් එකක්නේ..සිලෙක්ට් උනොත් ගෙදරිනුත් අවුලක් නැත්තම් ගිහින් බලනවා"

"ඔයා ගියොත් අපේ පණ්ඩිතයත් මොකක්ම හරි කෝස් එකක් කරන්න කියාගෙන ඔයා පස්සෙන් එයි.."

අහිංසා සිනාවකින්ම හිස සැලුවේ ඒ කතාවේ වැරැද්දක් නැති නිසා.දැන් නම් මොන දේ සිද්ද උනත් සාරංග නම් ඇයව ඇස් මානෙන් පිට කරන්නෙ නෑ.ඒත් සමඟම විවර වූ දොර තුළින් එබිකම් කළ මිහිරානිව මුලින්ම දැක්කේ මුතූයි.

"අහ්...ලොකු අම්මේ???ඔයා මෙහෙ??"

අහිංසා සිනහව ආයාසයෙන් නතර කරගෙන බැලුවේ දොර දිහා.මඳ සිනහවකින් ඇය දෙස බලා සිටින මිහිරානිව දැක අහිංසාට දැනුනේ අපහසුවක් වගේම ලැජ්ජාශීලී බවක්.

"ආන්ටී...එන්න"

අහිංසා පවසන ටිකට ඇය සැලෝන් එක ඇතුළට ආවේ ඒ වටා ක්ශණික බැල්මක් හෙලමින්.මිහිරානි මෙහි පැමිණි පළමු වතාව මේක.ඉතින් අහිංසා සැලෝන් එක පිළිවෙලට තියාගෙන ඉන්න විදිය ගැන ඇයට දැනුනේ තෘප්තියක්.තප්පර කීපයකට එහි එල්ලා තිබූ කුසුම්ගේ ඡායාරූපය දෙස බලා සිට පඩිපෙල් නැඟීමෙන් ඇති වූ මහන්සියත් නිසා අත රැඳි ලේන්සුවෙන් මූණ පිසගත් ඇය අසල සෙටියෙන් වාඩි උනේ වායුසමන යන්ත්‍රයෙන් පැමිණි සීතල සුළං රැල්ලක් ගතේ මහන්සිය නිවා දමද්දියි.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now