12

634 69 0
                                    

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️12 කොටස💜️

"ඔයා මොනාද මේ කියන්නේ?අම්මා හොඳටම දන්නවා මගේ ජීවිතේට...."

තිහස්ට එතනින් එහා කියාගන්න හම්බුනේ නෑ.මේඛලා මැද්දට පැන්නේ තිහස් කියන්න හදන දේ දැනගෙන වගේ.

"මෙහෙ අක්කගෙ යාලුවෙක්ගෙ දුවක් ඉන්නවා.එයත් තාම සින්ගල්.හොඳට ඉගෙන ගත්ත කෙල්ලෙක්..මට හිතෙනවා පුතාට ඒ ළමයව කතා කරලා බලන්න"

තිහස්ට වචනයක්වත් කියන්න දෙන්නෙ නැතිව මේඛලා කියවන් යද්දි තිහස් උන්නේ කේන්තියේ උපරිම සීමාවේ.ඔහුගේ ජීවිතේට සිද්ද උනු දේ නොදන්න ගාණට මේඛලා කතා කරද්දි ඔහුට දැනුනේ කලකිරීමක්.

"අම්මා ප්ලීස්.අපි ඔය මාතෘකාව ගැන කතා නොකර ඉමු"

තිහස් කතා කලේ වේදනාවයි කේන්තියයි දෙකම හංඟගෙන.මේඛලා තකහනියේ කෝල් එක ගත්තෙත් මේ දේ නිසා කියලා තිහස් දැන් දන්නවා.ඒත් මේඛලාට ඕනේ ඇගේ හිතේ තියෙන දේ ඉශ්ඨ කරගන්නමයි.

"ඒ ගැන කතා නොකර කොහොමද?ඔයාගෙ වයසත් යනවා.අනික මේ වගේ රත්තරන් කෙල්ලෙක් ලේසියට හම්බෙන්නෙත් නෑ.සද්ද නැතිව උන්නොත් කොහෙවත් යන අනාත කෙල්ලෙක් ඇවිල්ලා ආයේම ඔයාගෙ ඇඟේ එල්ලේවී"

මේඛලා ඒ කිව්ව දේට තිහස්ගේ ඉවසීමේ සීමාව පැන්නුවේ ඔහු ඉන්නෙ කොහෙද කියලවත් මතකෙට නොඑද්දී.මේඛලා ඒ වගේ අපහාස කලේ මුතූට කියන්න තිහස් හොඳටම දන්නවා.

"අම්මා ඔයා..."

"ඔයා අම්මට ආදරේ නම් කිව්ව දේ ගැන හිතලා බලන්න තිහස්.ඔයාට ඕනේ මං ආයෙත් විඳවනවා දකින්නද?"

කියන්න ගිය වචන ටික තිහස් එහෙමම ගිලගත්තේ මේඛලා කිව්ව දේට.තිහස් උන්නේ පුදුමාකාර ඉවසීමකින්.හැමෝම තම තමන්ට ඕන විදියට තිහස්ව නැටෙව්වා මිසක් කාටවත් ඔහුගේ හැඟීම් තේරුම් ගන්න පුලුවන් උනේ නෑ.ඒ ගැන ඔහුගේ හිතේ තිබ්බෙ කළකිරීමක්.

"හ්ම්..බලමු.තාත්තා ළඟ ඉන්නවා නම් ෆෝන් එක දෙන්නකෝ"

පුලුවන් තරම් ඉවසීමෙන් තිහස් එහෙම කිව්වේ මේඛලා එක්ක තවදුරටත් කතා කරලා වැඩක් නැති නිසා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now