80

626 62 3
                                    

සන්තානේ-දෙහදක් 2

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️

💜️80 කොටස💜️

මාධවත් විහාරා සමඟින් ආවේ අහිංසාව බලන්න තිබ්බ උවමනාවට.ඊටත් වඩා මාධව ආවේ අහිංසාගේ අලුත් රූපලාවන්‍යගාරයේ වැඩ ටික ගැන බලන්න.මෙදා පාර ඇය හදන්නේ ඇගේම මහන්සියෙන් දෙයක් කරන්න.කළින්ටත් වඩා හොඳට දෙයක් කරන්න.ඇය ගොඩ නඟාගත් නම අමතක වෙලා යන්න කලින් හැමදේම වසර අවසන් වෙන්න පෙර ඉවර කරන්න ඕනා කියලා හිතේ තිබ්බ නිසාම අහිංසාට ඕන වුනේ හැමදේම අඩුපාඩුවක් නැතිවම කරන්න.ලංකාවට ඇවිත් දින දෙකක් ගත වීමට පෙරම ඇය ඒ සඳහා සූදානම් වුනේ ඒ නිසා.

"ලොකු අයියේ..ඔයාලා තව සතියක්වත් ඉඳලා යන්නකෝ..මට ඒ සතියෙම ඔයත් එක්ක අර වැඩේ ගිහින් බැලුවෑකි එතකොට"

මාධව සමඟ කුඩා බිම් කැබැල්ලේ ඉදිවෙමින් තිබුණු සිය මහන්සියේ ප්‍රතිපලය බලා පැමිණෙන අතරතුර අහිංසා කිව්වේ මාධව දිහා බලලා.

"මොකද හදිස්සිය?තාම ෆවුන්ඩේශන් එක දැම්මා විතරයි.ඉවසලා ඉන්නවා ඔය උන්නා වගේම"

"ඒකනේ කරන්න බැරි...ඉගෙන ගන්න ගියේ තිබ්බටත් වඩා හොඳට හැමදේම පටන්ගන්න.දැන් නම් ඉන්න බෑ බෑ වගේ"

මාධව එයට පෙන්වූයේ අමුතු හිනාවක්.

"ඉගෙන ගන්නමද ගියේ?මං හිතුවේ කාගෙන් හරි පැනලා ගියා කියලා"

අහිංසා මුහුණ හකුලුවා ගත්තේ ඒ වචන වලට හිත රිදුනු නිසා.ඔහුත් නෑ නෑ කිව්වට කේශව වගේම ඇනුම් පද කියන්නේ වෙලාවකට ඇයව කේන්ති ගස්වමින්.නමුත් ඒ කතාවේ වරදක් නැති නිසා ඇය කරබාගත්තා.මාධව ඒ හිනාවෙන්ම ඉදිරිය බලාගත්තේ ඇයව අවුස්සා දැනුනු තෘප්තියට.වීදුරුවෙන් එළිය බලාගෙන පැමිණි අහිංසා කල්පනා කළේ සාරංග ගැන.ඔහු හොඳටම නපුරු වෙලා.අවස්තාවක් ආව ගමන්ම ඔහු සමඟ කතා කරන්න බලන් උන්නට මීට දිනකට පමණ පෙර ඔහුගේ හමුවීමෙන් ඇය උන්නේ කැළඹිලා.ඔහුගේ පපුවට තුරුලු වෙන්න තියෙන ආසාව නැති වුනේ ඔහුගෙන් එකදු ප්‍රේමණීය වදනක් නැති වෙද්දී.හතරමං හන්දියක් අසළ රතු මාර්ග සංඥා දැල්වී තියෙද්දී මාධව කාරය නතර කරගත්තේ තවත් වාහන කීපයකට පිටුපසින්.තරමක් ජනාකීර්ණ බවක් ඉසුලූ නගරය අවට අහිංසා බලන් උන්නේ විමසිල්ලෙන්.නැවත වරක් සිය ගමන ආරම්භ කළ ගොඩනැඟිල්ලට යන්න ආසාවක් ආවත් ඇය ඒ ආසාව හිත තුලම තියාගත්තා.සාරංග කඩකාමරයේ යතුර සිය අතට දුන් දවස මතක් වී අහිංසාට ඇත්තටම හීල්ලුනා.එදවස ආදරයක් නැතිවම සතුටින් ඔහුව වැලඳගත්ත හැටි ඇයට සිහිවුනා.ඒත් අද දරාගන්න බැරි ආදරයක් හිතේ තිබිලත් ඔහුට තුරුලු වෙන්න බැරිව අහිංසා වින්ඳෙත් එක්තරා වේදනාවක්.කල්පනා ලෝකෙ ඉන්නා අතරතුර මාර්ගය දිගේ ඉදිරියට ඇදුනු රථය එක් ගොඩනැගිල්ලක් පසු කරද්දීම ඇය යාන්තමට මෙන් දැක්කේ හුරුපුරුදු රුවක්.ඇය එබිලත් බැලුවේ ඇඳුම් කඩයකින් ආ රුව පිටුපා අනිත් පසට යන හැටි.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now