15

629 66 0
                                    

සන්තානේ
(දෙහදක් 2)

අවසරයකින් තොරව මොනම අයුරකින්වත් උපුටා ගැනීම තහනම්❗❗❗

💜️15 කොටස💜️

සාරංග බලන් හිටියේ ශාදිගෙ අඬන්න ඔන්න මෙන්න තියෙන ඇස් දිහා.මොනා කියන්නද කරන්නද කියලා සාරංගට තේරෙන්නෙ නෑ.

"ඔයාගෙ හිතේ කෙල්ලෙක් ඉන්නවද කියන්නකෝ.මං ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන බොරු වැඩක්ද කරගත්තේ ආ?"

ඇගේ කටහඬේ තියෙන්නේ ආවේගයක් එකතු උනු දුකක්.ඒත් මොකක්දෝ හේතුවකට ශාදි ඇහුව ප්‍රශ්නෙට සාරංගට මැවුනේ අහිංසාගෙ මූණ.

"කියන්නකෝ"

ශාදි තවත් ඇවිටිලි කර කර අහද්දි සාරංග කල්පනා ලෝකෙන් මිදුනා.මොනා උනත් හිත රිද්දවන්නෙ නැතිව හිතේ තියෙන දේ කියන්න ඕනේ.මිහිරානිව තරහ කරගන්නත් සාරංගට බෑ.තවත් කට වහන් උන්නොත් ශාදි මොනා කියයිද කියලාත් සාරංගට බයයි.

"මේ අහන්න ශාදි.මගේ හිතේ කෙල්ලෙක් ඉන්න නිසා මෙහෙම කියනවා නෙමේ.අම්මලා ඇති කරගත්ත පොරොන්දුවක් නිසා මිසක් ඇත්තටම මගේ හිතේ කසාඳයක් ගැන අදහසක් තවටත් නැති තරම්.අනික ඔයා මාවවත් මං ඔයාවවත් හරියටම දන්නෙ නෑ.එහෙම තියෙද්දි මං...."

"ඉතින් අපි අඳුනගමු"

ශාදි මැද්දට පැනලා කිව්වේ සාරංග මේ කසාඳෙට අකැමැතියි කියලා කියන්න හදද්දිමයි.

"අපි ආශ්‍රය කරමු.දෙන්නගෙ අදහස් මොනාද කියලා දැනගමු.ටික කාලයක් ආශ්‍රය කළාම අපිට ගළපගන්න ලේසි වෙයි"

"නොගැළපුනොත්??"

සාරංග එක එල්ලේ ඇහුවා.ශාදි ප්‍රියමනාප කෙල්ලෙක් බව ඇත්ත.කියන්න තරම් වරදක් ඇගේ රූපෙවත් කතා බහේවත් නෑ.ඒත් හිත අල්ලගන්න කිසිම ආකර්ෂනයක් සාරංගට ඇගෙන් දැනුනෙ නෑ.ඒ නිසා සාරංගගේ හිත කිව්වෙම ඇය කොහෙත්ම ගැලපෙන්නෙ නෑ කියලා.

"මට විශ්වාසයි.අපි ගැළපෙයි.ඔයා කියන්න හදන දේ මට නොතේරෙනවා නෙමේ.ඒත් මං කිසිමදාක වෙන කෙනෙක් ගැන හිතන්නෙ නැතිව ඔයා වෙනුවෙන්ම බලන් උන්නා අයියේ.ඒ කාලේ අපතේ යන්න දෙන්න බෑ මට"

සාරංග ලොකු හුස්මක් ගත්තා.තවත් තේරුම් කරන්න ගියොත් යකා යනවා කියලා දන්න නිසාම ඔහු මුනිවත රැක්කා.හොඳම දේ ගෙදර ගිහින් මිහිරානි එක්ක කතා කරන එක.ඒත් ඊට කළින් ශාදිට තේරෙන සිංහලෙන් එක දෙයක් නම් කියලමයි යන්න ඕනේ.ඒකවත් නොකියා ගියොත් වැඩේ තවත් දුරදිග යනවා කියලා සාරංග දන්නවා.

සන්තානේ - දෙහදක් 2Where stories live. Discover now